Skip to content

මී මැසි පාලනය කරන්න මිහින්තලේ ජනතාවට අත හිත

මිහින්තලය ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම් ලාභීන් සදහා "මී මැසි පාලනය" සම්බන්ධයෙන් වූ පුහුණුවක් ලබා දීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්කාර්යාලය කටයුතු කර ඇත.

එම වැඩ සටහනේ පළමු අදියර මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගස්වැව ගම්මානයෙන් ආරම්භ කරන ලදි. මේ සදහා ප්‍රතිලාභීන් 54 දෙනෙකු තෝරා ගෙන ඇත.

මී මැසි ජනපද පෙට්ටිගත කිරීමේ සිට පැණි ලබා ගැනීමේ ක්‍රියාවලිය දක්වා න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක්ද මෙහිදී ප්‍රතිලාභීන්ට ලබා දීම සිදු කරන ලදි.ලබා ගන්නා මී පැණි අලවි කිරීම සදහාද කණ්ඩායමක් සකස් කිරීමටත්,ඒ තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය වැඩි දියුණු කිරීමටත් අදහස් කර ඇති බව මිහින්තලය ප්‍රාදේශීය ලේකම්වරයා සදහන් කරයි.

හෙල්විටාස් ආයතනය විසින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මුල්‍ය දායකත්වය ලබා දී ඇති අතර,උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සම්පත් දායකත්වය ලබා දී ඇත.

Latest