Skip to content

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාමය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැමැත්ත..

රටේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙම විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබුවේ පසුගිය සතියේ වන අතර වර්තමානයේදී ඉහළ යන වෛද්‍ය පුරප්පාඩු සැළකිල්ලට ගෙන එම තීරණය යෝජනා වී ඇති බවද අමාත්‍යංශ ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන් අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය  හමුවේ එම කරුණු දැක්වීම සිදු කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

Latest