කටාර් රාජ්‍යයේ විදෙස් රැකියා ලබා දෙන වට පොරොන්දු වී මුදල් ලබා ගෙන පොරොන්දුව ඉටු නොකර සැගවී සිටි පුද්ගලයෙකු පසුපස හඹා ගොස් පොලීසියට අල්ලා දෙන්නට වංචාවට හසුවී සිටි දෙදෙනෙකු සමත්වී ඇත.
කුරුණෑගල - තෙලියාගොන්න පදිංචි වයස අවුරුදු 38 ක් පමණ වන සැකකරු පුද්ගලයින්ට විදේශ රැකියා සදහා පිටත් කර යවන බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කරමින් සිට ඇත. මෙම පුද්ගලයාට එරෙහිව මුදල් ලබා දී වංචාවට හසුවී ඇති දෙදෙනෙකු විසින් පොල්පිතිගම පොලීසියට පැමිණිලිද ඉදිරිපත් කර තිබී ඇත. වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් 637,000 කි.
මුදල් වංචා කර සැගවී සිටින පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිනවා වංචාවට හසුවී සිටින දෙදෙනෙකු 09 වෙනිදා සවස දැක ඇත. වහාම ක්‍රියාත්මක වී ඇති ඔවුන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයා පසුපස හඹා ගොස් ඇත. ඉපලෝගම ප්‍රදේශයේදී ඔහුගේ මග හරස් නවත්වා ගැනීමට ඔහු පසුපස ගිය දෙදෙනාට හැකිවී ඇත. අනතුරුව මුදල් වංචා කළ බව කියන අයව ඔහුව අල්ලා ගත් දෙදෙනා විසින් ඉපලෝගම පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.
මුදල් වංචාව සම්බන්ධයෙන් පැමිණිළි ලැබී ඇති පොල්පිතිගම පොලීසියට බාර දීමට ඉපලෝගම පොලීසිය කටයුතු කර ඇත. වැඩිදුර විමර්ශණ සිදු කෙරේ.