Skip to content

අලුත්ගම කුකුළු මස් කඩයක් කඩන්න රඹුක්කන ඉඳන් ඇවිත්.

2023.05.08.   අලුත්ගම සේවය කළ වෙළඳසැල බිඳ  කුකුල් මස් තොගයක් හොරකන්කර සැකකරු  රඹුක්කන දී අත්අඩංගුවට.

අලුත්ගම  කළුවාමෝදර ගාලු පාර ප්‍රදේශයේ
කුකුළු මස් වෙළඳසැලක ඉබි යතුරු  කියත් පටිය කින් කපා එහි තිබූ කුකුල් මස් තොගයක් ,ඩිජිටල් තරාදියක් පිහියක් ඇතුළු  රුපියල්  ලක්ෂයකට ආසන්න භාණ්ඩ සොරකම් කර පලා  ගොස් සැඟව සිටි සැකකරු අලූත්ගම පොලිසිය විසින්( 7 )දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු අලුත්ගම  කළුවාමෝදර  ප්‍රදේශයේ මෙම කුකුළු මස් වෙළඳසැලෙ කලක් සේවය කර ඇති අයෙකු බවත්  හිමිකරු හා සැකකරු අතර වැටුප් සම්බන්ධයෙන් ඇතිවූ  සිද්ධියක් සම්බන්ධයෙන්  ඉවත්ව ගොස් තිබෙන බවත්  රඹුක්කන  මාලිගිගවත්ත, හේවාදිවෙල පදිංචිකරුවකු බවත්  සිසි ටිවි දර්ශන වලින් සැකකරු හඳුනාගෙන  රඹුක්කන ප්‍රදේශයේ දී අලුත්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරු  ඉකුත් දින රඹුක්කන සිට පැමිණ  මෙම සොරකම සිදුකර ඇති බවත් පොලිසිය කියයි.  සැකකරු සොරකම සිදු කිරීමෙන් අනතුරුව කුකුළු මස් තොගය  විද්‍යුත් තරාදිය සහ මස් කැපීමට උපයෝගි කරගන්නා මුවහත් දිගු පිහිය ද රැගෙන බස් රථයකින් කොළඹ නගරයට ගොස් කුකුළු මස් තොගය වෙළෙඳ සැළකට අඩු මුදලකට  අලෙවිකර අනතුරුව ගුණසිංහ පුර ප්‍රදේශයේ පදික වෙළදාමේ නියුතු කාන්තාවකට රුපියල් 4200 ට එම  විද්‍යුත් තරාදිය  සහ පිහිය අලෙවි කර තිබියදී අලූත්ගම පොලිසිය විසින් බාරයට ගෙන තිබේ.
පොලිසිය කළ දීර්ඝ විමර්ශනයකින් පසු  මෙම පුද්ගලයා සොරකම් සහ අපරාධ සම්බන්ධයෙන්  පෙර වැරදි ඇත්තෙක් ද යන්න සොයා බැලීමට කටයුතු කර ඇතැයි ද  පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරු කලුවාමෝදර එම කුකුල් මස් වෙළඳසැලට  නීති විරෝධීව ඇතුලත්වී පිටව යන  ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ සිදු  කළ පරීක්ෂණ වලින් සැකකරු නඩු භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (8)කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථානාධිපති රොමේෂ්  රත්නසිංහම් මහතාගේ මෙහෙයවීමෙන් අලුත්ගම  පොලීසියේ වැඩ බලන අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, උප පොලිස් පරීක්ෂක සේනාධි රත්න, පොලිස් කොස්තාපල් හේරත්(100249) යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

Latest