Skip to content

හදිසි මාරුවීම් නිසා පොලිසිය කැළඹෙයි: පිළිගන්න බෑ කියා අජිත් රෝහණ කියයි

දකුණු පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාතේ සිට නැගෙනහිර පළාත දක්වා මාරු කිරීම සම්බන්ධයෙන් තම විරෝධතාවය ප්‍රකාශ කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාල ස්ථාන මාරුවට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී නොමැති බවත් එසේ අනුමැතිය නොලැබුන ස්ථාන මාරු නියෝගයක් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
මෙම ලිපියෙහි පිටපත් පොලිස්පතිතුමා වෙතද යවා ඇත.

මීට අමතරව මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද තම ස්ථාන මාරුවට විරෝධය පලකරමින් පොලිස්පති වෙත ලිපියක් යොමුකර ඇත.

එම ලිපි පහතින්.

Latest