Skip to content

හන්තානේ ඉඩම් කට්ටි කිරීම වහාම නවත්වයි.

හන්තානේ අධි සංවේදී පරිසර කලාපයක ඉඩම් කැබලි විස්සක් වෙන් කොට බෙදා දීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වාර්තාවක් දිය යුතු යැයි ද ආණ්ඩුකාරවරයා පෙන්වා දී තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ආණ්ඩුකාරවරයා මෙම තීරණයට එළඹ ඇත.

අධි සංවේදී පරිසර කලාපයක් මෙන්ම, ජලපෝෂක ප්‍රදේශයක් වන හන්තාන පරිසර පද්ධතිය තුළ පරිසර ආරක්ෂණය පිළිබඳව අවධානය යොමු විය යුතු යැයි පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා ඉඩම් කට්ටි කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු යැයි ද රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Latest