Skip to content

හැන්කිගේ දුක්ඛිත දර්ශනය : ශ්‍රී ලංකාවත් මුල් රටවල් 15 අතර

ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්කි විසින් වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන ලොව දුක්ඛිතම රටවල් පිලිබඳ දර්ශකය අද එළිදැක්වුණා. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට එහි 11වන ස්ථානය හිමි වී තිබෙනවා. එම නිසා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දුක්ඛිතම රට බවටත් පත් වෙනවා.

මෙහි මුල්ම ස්ථාන 3 පිළිවෙලින් සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ සිරියාවට හිමි වී තිබෙනවා.

HANKES' MISERABLE INDEX

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනය මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. හැන්කිගේ අදහස නම් ශ්‍රී ලංකාව තුල මුදල් මණ්ඩලයක් පත් කිරීම තුළින් මෙම ප්‍රශ්නය විසඳිය හැකි බවයි.

රටවල් 157ක් ඇතුලත් වූ මෙම ලැයිස්තුවේ අවසාන ස්ථාන 3 එහෙමත් නොමැති නම් ලොව සතුටුම රටවල් 3 පිළිවෙලින් අයර්ලන්තය, කුවේට්ය සහ ස්විට්සර්ලන්තයට හිමි වී තිබෙනවා.

HANKES' HAPPY INDEX

මෙහි සතුට සහ දුක මැන ඇත්තේ උද්ධමනය, ණය දීමේ අනුපාත, විරැකියාව සහ දළ දේශීය නිෂ්පාදිතය/පුද්ගලිකත්වය වැනි කරුණු මූලික කරගෙනය. එහෙත් සතුට සහ දුක යනු මුදල් වලින් පමණක්ම මැනිය නොහැකි දෙයක් බව ඔබ මතක තබාගත යුතුය.

Latest