Skip to content

"හැමෝම මාව මරන් කන්න හදනවා," සිරිසේනගේ දුක්ගැනවිල්ල

පාස්කු ප්‍රහාරයෙන් සති තුනක් ඇතුලත සහරාන් හෂීම් ගේ ත්‍රස්ත කල්ලිය සම්පූර්ණයෙන්ම විනාශ කරදැමීමට හැකි වූවේ තම ධුර කාලය තුලදී බවත්, ත්‍රස්තවාදී මතවාද දරණ බොහෝ දෙනා එම කාලය ඇතුලත අත්අඩංගුවට ගත් බවත් පවසන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, එසේ තිබියදීත් සියළු දෙනාට අවශ්‍යව ඇත්තේ තමාව 'මරාගෙන කෑමට' බව පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළේ තමා විසින් බව පැවසූ හිටපු ජනපතිවරයා, එම සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැලැක්වූවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව ප්‍රකාශ කළේ ය.

පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව රදගුරු සම්මේලනයට ප්‍රථම ඉදිරිපත් කළ යුතුව තිබුණෙ පාර්ලිමේන්තුවට බව ඔහු පැවසුවේ ය.

එම වාර්තාව මහජන ලියවිල්ලක් බවට පත්වන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් පමණක් බව ඔහු ප්‍රකාශ කළේ ය.

Latest