Skip to content

ගුවන්තොටුපොල ප්‍රභූ පර්යන්තයේ වහාම අධිතාක්ෂණ ස්කෑන් යන්ත්‍ර සවි කරන්න.

ජනපතිවරයාගෙන් රේගුවට උපදෙස්..

කටුනායක ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයේ සියලු කොටස් ආවරණය වන පරිදි වහාම අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලැබී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ බව දැනුම්දී  ඇත. ඊට අදාළ වාර්තාවක්ද ජනාධීපති වරයා වෙත ඉදිරිපත් කිරීමට තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩිදුරටත්  දැනුම්දී තිබේ.

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් විසින් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේහි සාමාන්‍ය මගී පර්යන්තයේ මෙවැනි අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර සවිකර තිබුනද ප්‍රභූ පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.

Latest