Skip to content

ගුජරාට් ටයිටන්ස් නැවතත් පෙරමුණට

ටාටා අයිපීඑල් තරගාවලිය 2023
39 වැනි තරගය

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ කොල්කොටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද පැවැති විස්සයි විස්ස කරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 7ක පහසු ජයක් වාර්තා කිරීමත් සමග ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

මේ දක්වා තරග අටකට සහභාගි වී ඉන් තරග 6ක් ජයගනිමින් ලකුණු 12ක් ලබාගනිමින් පසුගිය වසරේ ශූරයින් වූ ගුජරාට් කණ්ඩායම ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි රාජස්ථාන් රෝයල් කණ්ඩායම දෙවැනි ස්ථානයට දමමින් ඉදිරියෙන් රැඳී සිටිති.

කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසිය වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම් නායක හර්ඩික් පාන්ඩ්‍යාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි කොල්කටා පිල සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 179 ක් රැස් කිරීමට සමත් විය.

ජේසන් රෝයිගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව ලද ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක රහ්මනුල්ලාහ් ගුර්බාස් ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගනිමින් ප්‍රවේගකාරි ඉනිමක් දියත් කළ අතර පන්දු 39කට මුහුණ දී දැවී යන විට ලකුණු 89 ක් කොල්කටා පිල වෙනුවෙන් එක් කර සිටියේය. නමුත් අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් ගුර්බාස්ගේ ඉනිමට සාධනීය සහයක් නොලැබුණු අතර ඔහුගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ඇන්ඩ්‍රි රසල්ගේ ඉනිම කොල්කටා පිල වෙත තරගකාරි ලකුණු එකතුවක් එක් කිරීමට හේතු විය.

ඇෆඝනිස්තාන සුපිරි ක්‍රිඩක රෂීඩ් ඛාන්ගේ පන්දුවාර හතරේදි ලකුණු 54ක් රැස් කිරීමට කොල්කටා පිතිකරුවන් සමත් වීම ඉනිමේ කැපී පෙනුනු සිදුවීමකි.

පිළිතුරු ඉනිම ඇරඹු ගුජරාට් පිල කොල්කටා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමෙන් උපරිම ඵල නෙලාගනිමින් පන්දු 13ක් ඉතිරිව තිබියදි තරගය ජය ගැනීමට සමත් විය. අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටියදි දැවී ගිය සුබ්මන් ගිල් ලබාදුන් සාර්ථක ආරම්භයත් ඩේවිඩ් මිලර් සහ විජේ ශංකර්ගේ ප්‍රහාරාත්මක පිති හරඹයත් හමුවේ කොල්කටා පන්දුයවන්නන් අසරණ කරවීමට සමත් විය.

ලකුණු පුවරුව

කොල්කටා නයිට් රයිඩර්ස් - 179/7(20)
රහ්මනුල්ලා ගුර්බාෂ් - 81(39), ඇන්ඩ්‍රි රසල් - 34(19)

පන්දු යැවීම
මොහොමඩ් ෂමි - 3/33(4), නූර් අහමඩ් - 2/21(4), ජෝෂ් ලිට්ල් - 2/25(4)

ගුජරාට් ටයිටන්ස් - 180/3 (17.5)
විජේ ශංකර් - 51*(24), ශුබ්මන් ගිල් - 49(35), ඩේවිඩ් මිලර් - 32*(18)

පන්දු යැවීම
සුනිල් නරයින් 1/24(3), හර්ෂිට් රානා 1/25(3), ඇන්ඩ්‍රි රසල් 1/29(3)

- Waruna Sudantha Herath

Latest