Skip to content

ග්‍රීසියේ මැතිවරණයේ ජය පාලක මධ්‍ය දක්‍ෂිණාංශික පක්‍ෂයට ලැබෙන ලකුණු


ඊයේ පැවති ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය කයිරියාකොස් මිට්සොතාකිස්ගේ පාලක මධ්‍ය දක්‍ෂිණාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමිකර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ග්‍රීක පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට එම පක්‍ෂයට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු මේ වනවිට සියයට 97ක් පමණ අවසන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

ඒ අනුව පාලක මධ්‍ය දක්‍ෂිණාංශික පක්‍ෂයට හිමිව ඇති ආසන ගණන 146 ක්.

ආසන 300 කින් සමන්විත ග්‍රීක පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ආසන 151 ක් අවශ්‍ය වනවා..

කෙසේ වෙතත් පාලක මධ්‍ය දක්ෂිනාංශක පක්ෂයේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඇලෙක්සිස් සිප්ප්‍රාස්ගේ වාමාංශික පක්ෂයට දිනාගැනීමට හැකිව ඇත්තේ ආසන 71 ක් පමණයි.

Latest