අධ්‍යාපනය ලබන්නට වයස බාධාවක් නොවන බව සත්‍යයකි.නමුත් අවාසනාවට අපේ රටේ ජීවත් වන තරුණ ප්‍රජාවන් අතර සිටින බොහෝ දෙනෙකු සිතා සිටින්නේ තමන් අධ්‍යාපනය ලැබිය යුත්තේ පාසල් අවධියේදී පමණක් බවය.ඒ නිසාම ඔවුන් පාසල් ආධ්‍යාපනය අවසන් කර කුමන හෝ ආර්ථික කටයුත්තකට අත තියති.ඒ අතරින් බහුතරයක් අත තබන්නේ ත්‍රී රෝද රථයටය.
එවන් අදහස් ඇති තරුණ ප්‍රජාවට අපූරු ආදර්ශයක් ලබා දෙන්නට වයස අවුරුදු 97 ක් වන ගම්පොල පදිංචි විතානගේ ලීලාවතී ඇසිලින් ධර්මරත්න මාතාව සමත් වී ඇත.
1926 නොවැම්බර් මස 30 වෙනිදා මෙලෙව එළිය දැක ඇති ඇසිලින් මාතාව 1962 වසරේදී යුග දිවියට පා තබා ඇත.
ඇසිලින් මාතාව තම ජීවිතය ආරම්භ කර ඇත්තේ නොතාරිස්වරියක ලෙසිනි. 1952 වසරේ පැවති නොතාරිස් විභාගයේ ප්‍රථිපල වලට අනුව ඇය ශ්‍රී ලංකාවේම ප්‍රථමයා බවට පත්ව ඇත.එපමණක් නොව එම විභාගය සමත්වූ එකම කාන්තාව වී ඇත්තේද ඇසිලින් මාතාවය.
1970 වසරේදී දී තම සැමියාගේ අභාවයෙන් පසුව දියණියන් පස් දෙනෙකු සමග ජීවත් වූ ඇයට ලොකු සිහිනයක් තිබී ඇත.එනම් තමන්ගේ දියණියන් සිව් දෙනාටම විශ්ව විද්‍යාල අධයාපනය ලබා දී උපාධිධාරීන් කිරීමටය.ඇසිලින් මාතාව තමන්ගේ සිහිනය ජය ගත්තේ තම දරුවන්ව අධ්‍යපන ඉලක්කය කරා රැගෙන යාමෙන් අනතුරුවය.වෛද්‍යවරියක්,නීතිඥවරියක්,හෙදියක්,පාසල් ගුරුවරියක් සහ මහාචාර්යවරියක් ලෙස ඇසිලින් මාතාවගේ දියණියන් මේ වන විට අප රටට සේවය කරමින් සිටී.
පාසල් ගුරුවරියක් ලෙස දහස් ගනනක් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන්නටද ඇය වසර ගනනාවක් කටයුතු කර ඇත.
විද්‍යෝදය විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂා පරීක්ෂණ විභාගය සමත්වන විට ඇසිලින් මාතාව 94 වැනි විය පසුකරමින් සිට ඇත.එපමණක් නොව ඇය ප්‍රාචීන,ප්‍රාරම්භ,යන විභාගයන්ද ඉහළින් සමත්වී ඇත.
මේ සියල්ල සිදුවන අතර තුර ඇසිලින් මාතාව කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන ආයතනයට සම්බන්ධ වී බෞද්ධ අධ්‍යාපනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය සදහා ලියාපදිංචිවී ඇත.එම විභාගයටද සාර්ථකව මුහුණ දුන් ඇසිලින් මාතාව පසුගියදා එම උපාධිය ලබා ගත්තේ වාර්තාවක්ද පිහිටුවමිනි.ඒ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් මෙරට ජේෂ්ඨතමයා බවට පත් වෙමිනි.
ඇසිලින් මාතාව තම ශාස්ත්‍රපති උපාධිය සදහා නිබන්ධනය ලෙස තෝරා ගෙන ඇත්තේ "ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹුවන අතීත ජීවන රටාව" නම්වූ මාතෘකාවයි.ඇය එම මාතෘකාව යටතේ අගනා විමර්ශණ ලිපියක්ද සම්පාදනය කර ඇත.
කිසියම් ජයග්‍රහණයක් ලබන්නට තමන්ට තිබිය යුත්තේ අධිෂ්ඨානය හා කැපවීම බව ඇසිලින් මාතාව මොනවට පැහැදිලි කර ඇත.ස්වාමි පුරුෂයාද නොමැතිය දියණියන් පස් දෙනෙකු උස් මහත් කර,ඔවුන්ද උපාධිධාරීන් කරමින් නොනැවතී තමන්ද උපාධියක් ලබා ගන්නට තරම් ඇය අධිෂ්ඨානයෙන් ශක්තිමත් වී ඇත.
ඇසිලින් මවට අපි නිර්ලෝභීව දීර්ඝායු පතමු.



