Skip to content

IMF නියෝජිතයින් රජයට සිය කනස්සල්ල පළ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී රජයේ ආදායම් හිඟය පිළිබඳව IMF නියෝජිතයින් සිය කනස්සල්ල පළ කර ඇති බවද වාර්තා වේ.

එහිදී IMF විසින් පනවන ලද⁣ කොන්දේසි රැසක් ශ්‍රී ලංකා රජය විසින් සපුරා ඇති බවට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ප්‍රකාශ කර ඇති අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය එහිදී එම නියෝජිතයින්ගේ පැසසුමට ලක්වී තිබේ.

මෙම 2023 වසර තුළ රජයේ ආදායම් හිඟය පිළිබඳව IMF නියෝජිතයින් සිය කනස්සල්ල පළ කර ඇති අතර ඉදිරි කටයුතු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පසුගිය දින කිහිපය පුරා සිදුකළ සමාලෝචනයේ නිගමනයන් අද (27) දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත.

Latest