Skip to content

ගෝටාබය ඝාථන සැකකරු නිදොස් කොට නිදහස්

2006 වර්ශයේ පිත්තල මංසන්ධියේදී, එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වශයෙන් කටයුතු කළ ගෝටාබය රාජපක්ෂ ඝාථනයට තැත් කිරීම සහ හමුදා සෙබළුන් තිදෙනෙකු ඝාථනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශිවලිංගම් යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියෝග කළේය.

විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරන ලද්දේ විත්තිකරු විසින් පොලිසිය වෙත ලබාදී ඇති පාපොච්චාරණය ස්වෙච්චාවෙන් ලබාදුන් එකක් නොවන බවට සාක්ෂි විභාගය අතරතුර දී අනාවරණය වී ඇති බවයි.

අධිකරණය මගින් තීන්දු ලබාදෙන්නේ පුද්ගලයාගේ තරාතිරම හා ඔහුට එල්ල වී ඇති චෝදනා කෙරෙහි අවධානය යොමු කරමින් නොව අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබෙන සාක්ෂි කරුණු පදනම්කරගෙන බව විනිසුරුරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන පොන්නසාමි රාමලිංගම් යන අයගේ පාපොච්චාරණය ද සටහන් කර ඇත්තේ ඉහත විත්තිකරුගේ පාපොච්චාරණය සටහන් කරගත් පොලිස් නිලධාරීන් වන බැවින් එම විත්තිකරු සම්බන්ධයෙන් නඩු කටයුතු පවත්වාගෙන යාමට එම විත්තිකරු සහ නඩු ගොනුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියම කළේය.

Latest