Skip to content

කෘතිම බුද්ධියෙන් බලගැන්වෙන Windows Copilot ඩිජිටල් සහකරුවාගේ ආගමනයත් සමග පෙර එම තනතුර දැරූ Cortana ට සමුදීමට Microsoft ආයතනය තීරණය කොට තිබෙනවා. ඒ අනුව ළගදීම ඒ සදහා වූ සේවා සැපයීම නැවැත්වීමට ඔවුන් කටයුතු කර ඇත.

Cortana විසින් හඩ අනුසාරයෙන්, එදිනෙදා කටයුතු මතක්කිරීම, දින දර්ශනය කළමනාකරණය, කාලගුණ වාර්තා ලබාදීම සහ අන්තර්ජාලය පිරික්සීම වැනි විවිධ පරාසයන්හි කාර්යය ප්‍රමාණයක් සිදුකරන ලදි. මුලින්ම Windows දුරකතන සදහා පමණක් හදුන්වාදුන්නත්, ක්‍රමයෙන් Windows 10, Android සහ iOS වෙත Cortana ගේ ව්‍යාප්තිය සිදුවිය.

Windows Central සදහන් කර ඇති ආකාරයට, Cortana ගේ අවුරුදු 8 ක සේවා සැපයීම නිමාකරමින් 2023 අග වන විට විශ්‍රාම යැමට නියමිතව පැවතියත් තවදුරත් ඇයගේ සේවාව Outlook Mobile, Teams mobile, Microsoft Teams display සහ Microsoft Teams rooms හිදී යොදාගත හැකිවනු ඇති.

Cortana ගේ තනතුර තවදුරටත් දරනු ලබන්නේ Windows Copilot නම් අති නවීන කෘතිම බුද්ධිය විසිනි. මෙතෙක් කල් අපවෙත ප්‍රයෝජනවත් සේවයක් ලබාදුන් Cortana ට සුභ නික්මයාමක් පතමු!

Latest