Skip to content

ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට.

ලැගුම් හලක සගවා තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 22 ක් තම බාරයට ගෙන ඇති වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් එක් සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා තොගය සගවා තබා තිබූ ලැගුම් හලේ හිමිකාරියගේ පුතා වන මැල්ලවාන - බෝපිටියේ පදිංචිකරුවෙකුවය.

03 වැනිදා (පොසොන් පොහොය දිනයේ) දහවල් පොලීසියට ලද තොරතුක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ගංජා තොගය ලැබුනේ කාගෙන්ද? කුමන හේතුවක් සදහා ළග තබා ගෙන සිටියාද යන්න සැකකරු මෙතෙක් හෙලි කර නොමැති බව පොලීසිය කියයි.

පොලිස් බාරයට ගෙන ඇති ගංජා තොගය සහ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Latest