Skip to content

ගිය වසරේ දුම්රියේ අලාභය කෝටි 1240 යි..

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව ඉකුත් (2022) වසරේදී රුපියල් කෝටි 1240ක මෙහෙයුම් අලාභයක් වාර්ථාකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
දෙපාර්තමේන්තුව එම අලාභය පෙන්නුම් කරන්නේ 2021 වසරේදී ලැබූ අලාභයට වඩා රුපියල් කෝටි 210ක වැඩීමක්ද සමගිනි.

දුම්රිය දෙපාර්තුමේන්තුව ඉකුත් 2021 වසරේදී වාර්ථා කළ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 1030 කි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ 2022 වසරේ ආදායම ලෙස පෙන්නුම් කරන්නේ රුපියල් කෝටි 1110 කි.  එය 2021 වසරේ ආදායමට සාපේක්ෂව රුපියල් කෝටි 840න් ඉහළ ගොස් ඇතත් ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ පුනරාවර්තන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2022 වසරේදී දුම්රිය දෙපාර්තුමේන්තුවේ සමස්ත වියදම රුපියල් කෝටි 4250ක් ලෙස සටහන්ව තිබිණ.

මෙම තොරතුරු අනාවරණය වන්නේ 2022 වසර සඳහා ශ්‍රී ලංකා මහබැංකුව මගින් නිකුත් කළ වාර්ෂික වාර්ථාවට අනුවය.

Latest