Skip to content

ගෙවුනු මාස 4ට උතුරු මුහුදෙන් කේරල ගංජා කිලෝ 1600 කට ආසන්න ප්‍රමාණයක්.

2023 වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස 24 වනදා වනවිට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී පමණක් කේරල ගංජා
කිලෝ 1598 ක් සමග සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව සඳහන කර සිටියි.

මේ අතර ඊයේ (23) දින යාපනය පලාලි ඇන්තනීපුරම් වෙරල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 26 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට උතුරු නාවික විධානය පවසා සිටියේය.

අදාල සැකකරු තෙප්පම් වර්ගයේ යාත්‍රාවකින් මෙම කේරල ගංජා තොගය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සහ ගනිමින් සිටියදී මෙලස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

මේ අතර මෙම කේරල ගංජා ජනවාරී මස සිට මේ දක්වා උතුරු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් සිදුකොට ඇති ආකාරය පිලිබඳව නාවික හමුදාව විසින් පෙන්වා දෙන්නේ , ජනවාරී මස කේරල ගංජා කිලෝ 175 ක් සමගින් සැකකරුවන් 05 දෙනෙකුද, පෙබරවාරී මස කේරල ගංජා කිලෝ 182 ක් සහ සැකකරුවෙකුත් මාර්තු මස කේරල ගංජා කිලෝ 308 ක් සමගින් සැකකරුවන් 05 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම අප්‍රේල් මස අවසන් වීමටත් පෙර මේ වන විටත් මේ මස ගෙවුනු දින 24 තුලදී පමණක් කේරල ගංජා කිලෝ 933 ක් සහ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටද නාවික හමුදාව විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අනුව පෙනී යන විශේෂ කරුණක් වන්නේ මේ වසරේ ජනවාරී මස සිට අප්‍රේල් මස දක්වා සෑම මසකදීම සීග්‍රෙයන් උතුරු මුහුදට රැගෙන එන කේරල ගංජා ප්‍රමාණය වැඩි වී ඇති හෙයින් කේරල ගංජා ජාවාරම හිස ඔසවා ඇතැ බවය.

එමෙන්ම ඉන්දියාවේ සිට මෙම කේරල ගංජා ජාවාරම් සියලු කටයුතු සිදුකෙරෙන අතරම ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරට රැගෙන එනු ලබන මෙම කේරල ගංජා තොගයන් උතුරේ සිට මෙට විවිධ ප්‍රදේශයන්ට ඉතා රහසිගත ආකාරයට ප්‍රවාහනය කිරීමටද ජාවාරම් කරුවන් පියවර ගෙන ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙන අතරම නාවික හමුදාව විසින් දිවා රාත්‍රී විශේෂ සෝදිසි මෙහෙයුම් උතුරු මුහුද ආවාරනය වන පරිදි සිදුකරන බවටද කියා සිටියි.

Latest