දිනෙන් දින ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යුද්ධයකට සමීප වෙමින් සිටිනවා. යුද්ධයක් කියපු ගමන් අපි හැමෝගෙම හිත් වල ඇති වෙන්නේ යුක්‍රේනය සහ රුසියාව අතර ඇති වෙලා තියෙන යුද්ධය වගේ එකක්. හැබැයි ඇමරිකාව සහ චීනය අතර ඒ වගේ මිලටරි ගැටුමක් දැන්ම ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. ඔවුන් මේ වර්ගයේ ගැටුමක් ඇති වෙන තැනට වැඩ කරන්නේ නැහැ. ඇමරිකාව සහ චීනය කියන්නේ ඊට වඩා බුද්ධිමත් රටවල් දෙකක්.

හැබැයි මේ වෙනකොට වෙනත් ආකාරයක සටනක් මේ රටවල් දෙක අතර ඇති වෙලා ඉවරයි. මේ සටන ඇති වෙලා තියෙන්නේ පර්යේෂණ, රසායනාගාර සහ පරිගණක තිර පිටිපස්සේ. කෘතීම බුද්ධිය අපි දන්නා ලෝකය වෙනස් කරමින් තමයි ඉන්නේ. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි ඔයා දන්නේ නැති දෙයකුත් තියෙනවා. AI තාක්ෂණය ජය ගන්න අයට ආර්ථිකය, මිලටරි වාසිය සහ භූ දේශපාලන තරඟයේ බලය ලබා ගන්න එක පොඩි දෙයක්.
ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශකයා වුන ජේක් සුලිවන් මෑතකදී ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා.
"මූලික වශයෙන් අපි විශ්වාස කරනවා තෝරාගත් තාක්ෂණයන් කිහිපයක් ඉදිරි දශකය තුළ වඩා විශාල වැදගත්කමකින් සෙල්ලම් කිරීමට සැකසිලා තියෙනවා කියලා"

කෘතීම බුද්ධිය කියන්නේ එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින අංශයක්. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර සැබෑ සටන තියෙන්නේ මෙන්න මේ AI සංවර්ධනය කියන අංශයේ. මේ සටන ජය ගන්න කෙනාට පුලුවන් රටවල් දෙක අතර ඇති වෙලා තියෙන යුද්ධය ජය ගන්න.
මේ ආටිකල් එකෙන් මම ඔයාට කියලා දෙන්න යන්නේ ඇමරිකාව සහ චීනය කියන රටවල් දෙකේ AI සංවර්ධනය මොන දිශාවකට යයිද කියන එක...
2017 වර්ශයේදී චීන රජය සැලැස්මක් සකස් කරනවා. ඒ වෙන මොකටවත් නෙමෙයි 2030 වර්ශය වන කොට AI තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වෙන්න. චීන රජයෙන් යම් කර්මාන්තයක් සඳහා අවසර දෙනවා කියන්නේ විශාල දෙයක්. මොකද කියනවා නම් අපේක්ෂිත ප්‍රතිඵලය ලබා ගන්න සෑම වියදමක්ම මෙන්ම අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීම චීන රජය විසින් සිදු කරනවා.
විශ්වාස නැතිද?
චීනයේ අධිවේගී දුම්රිය ජාලය සහ බෙල්ටන් රෝඩ් ව්‍යාපෘතිය ගැන මම මීට කලින් කියලා තියෙනවා නේද?
වසර 12 ක් ඇතුළත ලෝකයේ දියුණුම සහ සම්බන්ධිත අධිවේගී දුම්රිය ජාලය චීනය විසින් සංවර්ධනය කරනවා. ඒ විතරක් නෙමේ වසර 10 කට වැඩි කාලයක් තුළ චීනයට පුලුවන් වෙලා තියෙනවා රටවල් 150 කට වැඩි ප්‍රමාණයක් බෙල්ටන් රෝඩ් ව්‍යාපෘතියට සම්බන්ධ කර ගන්න. මෙමගින් ඩොලර් ට්‍රිලියන 6 කට වඩා වටිනාකමකින් යුතු වෙළඳ ගණුදෙනු සිදු කරන්න චීනයට පුලුවන් වෙලා තියෙනවා.


චීන රජය AI සංවර්ධනයට සහයෝගය දක්වන එක ගැන ඇමරිකාව යම් දුරකට කැළඹීමකට ලක් වෙලා තියෙනවා. 2021 වර්ශයේදී පෙන්ටගනයේ පළමු ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවා වුන නිකොලස් චාලෙන් ඉල්ලා අස් වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ තාක්ෂණික පරිවර්තනය සම්බන්ධයෙන් ඇති වුන ගැටුමක් නිසා තමයි ඔහු ඉල්ලා අස් වෙලා තියෙන්නේ.

ඔහු මේ ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා,
"තවත් වසර 15 ක ඉදන් වසර 20 ක් ගත වුනාට පස්සේ චීනයට එරෙහිව සටන් කිරීමේ අවස්ථාවක් අපට නැහැ. දැනටමත් ඒක ඩන් ඩීල් (Done Deal) එකක්. මගේ මතය අනුව එය දැනටමත් සිදු වෙලා අවසන්. කේන්ති ගන්න මේක හොඳ හේතුවක්."
චාලෙන්ට මේ විදිහට දැනෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ඇමරිකානු එක්සත් ජනපද මිලිටරි කාර්මික සංකීර්ණත්වය සහ ආරක්ෂක අය වැය භාවිතා වෙන ආකරය. ඇමරිකා එක්සත් ජනපද රජය ඩොලර් බිලියන 797 කින් හමුදා වියදම් වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ උසස් තාක්ෂණයෙන් යුතු F-35 ප්‍රහාරක ජෙට් යානා ගොඩ නැගීම වැනි ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. චාලෙන් කියන විදිහට ප්‍රහාරක ජෙට් යානා වලට වඩා AI තාක්ෂණය ඇමරිකාවේ අනාගතයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සමහර දෙපාර්තමේන්තු වල සයිබර් ආරක්ෂාව තියෙන්නේ ළදරු පාසල් මට්ටමක කියලා තවදුරටත් ඔහු පවසනවා.
AI තාක්ෂණය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය පසුගාමී වෙන්න තවත් හේතුවක් තියෙනවා. Google වගේ තාක්ෂණික සමාගම් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ වැඩ කරන්න කැමති නැහැ. මේක තමයි ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තියෙන විශාලතම වෙනස්කම. ඇමරිකාවේ තිබෙන ප්‍රධාන තාක්ෂණික සමාගම් කිසිම එකක් රජය සමඟ වැඩ කරන්න බැදිලා නැහැ. හැබැයි චීනයේ තිබෙන ප්‍රධාන තාක්ෂණික සමාගම් කිසිම එකක් චීන ජන රජයට උඩින් යන්නේ නැහැ. චීන සමාගම් චීනයේ යහපැවත්ම වෙනුවෙන් චීන රජය අපේක්ෂා කරන ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා බැදිලා ඉන්නේ.
හැබැයි AI තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන ගැටුමෙදි ඇමරිකා එක්සත් ජනපදයට චීනයට වඩා ප්‍රධාන වාසි කිහිපයක් තියෙනවා...
පදනම් ආකෘති ඒ කියන්නේ ෆවුන්ඩේශන් මොඩ්ල්ස් (Foundation Models) ගොඩ නැගීමේදී ඇමරිකාව චීනයට වඩා ඉදිරියෙන් ඉන්නවා. යන්ත්‍ර ඉගෙනුම් පද්ධති ඒ කියන්නේ මැශීන් ලර්නින්ග් සිස්ටම් (Machine Learning System) සහ ChatGPT වගේ වැඩසටහන් පසුගිය මාස 12 පුරාවටම කුණාටුවක් වගේ ලෝකය පුරා පැතිරිලා ගිහින් තියෙනවා. ද එකොනොමිස්ට් (The Economist) විසින් ප්‍රකාශයට පත් කරපු ලිපිය දිහා බැලුවොත් අපට පැහැදිලිව දැක ගන්න පුලුවන් යන්ත්‍ර ඉගෙනුම් පද්ධති අංශයෙන් ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංවිධානය, එංගලන්තය සහ චීනය කියන රටවල් වලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉදිරියෙන් ඉන්නවා කියන එක.
ඊට අමතරව ඇමරිකාවට තියෙන විශාලතම වාසිය වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ලෝකයේ තියෙන වෙබ් අඩවි වලින් 56% ක් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. චීන භාෂාවෙන් වෙබ් අඩවි තියෙන්නේ 1.5% ක් වගේ ප්‍රමාණයක්. චීන ජාතිකයින් අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්නේ Wechat වගේ ඇප් වලින්. මේ ඇප් හදුන්වන්නේ වෝල්ඩ් ගාර්ඩන්ස් (Walled Gardens) විදිහට. එහෙම කියන්න හේතුව වෙන්නේ මේ හැම ඇප් එකකම තියෙන කන්ටෙන්ට් තියෙන්නේ මේ ඇප් ඇතුළේ. නැතුව සර්ච් එන්ජින් වල නෙමෙයි. ඒ නිසා චීන AI වැඩසටහන් වලට දත්ත ලබා ගැනීමේ හැකියාව හිර වෙලා තියෙන්නේ.

කර්මාන්ත විශේෂඥයන් කියන විදිහට යන්ත්‍ර ඉගෙනුම් පද්ධති කියන අංශයෙන් ඇමරිකා එක්සත් ජනපදය චීනයට වඩා වසර තුනකින් ඉදිරියෙන් ඉන්නවා...
හැබැයි මේ කර්මාන්තය සම්බන්ධයෙන් වසර 10 සිට 15 දක්වා කාලය ගැන අපි බැලුවොත් අපට දැක ගන්න හම්බවෙන්නේ මොන වගේ පින්තූරයක්ද?
ඉදිරිදර්ශනය ගැන අදහසක් ලබා දෙන සිත් ඇදගන්නාසුළු සංඛ්‍යා ලේඛන කිහිපයක් තියෙනවා. AI තාක්ෂණය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ අංශයෙන් චීනය මේ වෙනකොටත් ලෝකය ප්‍රමුඛයා වෙලා ඉවරයි. 2021 වර්ශයේදී AI තාක්ෂණය සම්බන්ධයෙන් රීසර්ච් පේපර්ස් 43000 ක් විතර ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දළ වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය වගේ දෙගුණයක්. ඒ විතරක් නෙමෙයි මේ රීසර්ච් පේපර් වල ගුණාත්මකභාවය අතින්ද චීනය ඇමරිකා එක්සත් ජනපදයට වඩා ඉදිරියෙන් ඉන්නවා. AI සම්බන්ධයෙන් ප්‍රකාශන ඉදිරිපත් කරන ලෝකයේ තිබෙන හොඳම ආයතන දහයෙන් නවයක්ම චීන ආයතන. ඒ විතරක් නෙමේ පරිගණක දැක්මක් මත වැඩ කරන හොඳම රසායනාගාර පහ තියෙන්නෙත් චීනයේ.
පසුගිය වර්ශයේදී මැකින්සි (Mackinsy) ආයතනය ඉදිරිපත් කරපු වාර්තාවට අනුව චීනයට තියෙන තවත් වාසියක් ගැන වඩාත් සවිස්තරාත්මකව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වාර්තාව කියන විදිහට චීනයේ ඉදිරි AI තාක්ෂණයට පුලුවන්ලු චීන ආර්ථිකයට ඩොලර් බිලියන 600 ක ආදායමක් එකතු කරන්න. AI තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කරන එක චීන ආර්ථිකයේ අනාගතය සඳහා විශාල ලාභයක් ලබා දෙන ශක්තිමත් ආයෝජනයක්.
මම මේ ආටිකල් එකේ මුලදි ඔයාට කියලා දුන්නා වගේ චීනයේ සෑම තාක්ෂණික සමාගමක්ම චීන රජය ලබාදෙන මාර්ගෝපදේශ අනුගමනය කරන්න ඕනේ. එක් එක් චීන සමාගම් වලට ඔවුන්ගේම AI තාක්ෂණයන් සංවර්ධනය කරන්න චීන රජය අවසර දීලා තියෙනවා.
මම ඔයාට උදාහරණ කිහිපයක් කියලා දෙන්නම්...
අලිබබා කියන්නේ චීනයේ ලොජිස්ටික්ස් මාස්ටර් (Logistics Master) කෙනෙක් වගේම ප්‍රමුඛම ක්ලවුඩ් සර්විස් ප්‍රවයිඩර් (Cloud Service Provider) කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඩිජිටල් මාධ්‍යය යොදා ගෙන ගෙවීම් කරන සමාගම් වලින් ඉදිරියෙන්ම සිටින සමාගමක්. ඉතින් අලිබබා ඔවුන් ප්‍රවීණතාවක් දක්වන ක්ෂේත්‍ර වටා AI තාක්ෂණය සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා.

බයිඩු කියන්නේ AI අංශයේ මේසය මත වසර 20 ක සෙවුම් දත්ත තබන සමාගමක්. පසුගිය දශක දෙක පුරාම චීනයේ අංක එකේ සර්ච් එන්ජින් එක විදිහට සේවය කරේ බයිඩු ඇප් එක. Ernie Bot කියන්නේ ChatGPT සඳහා චීනය ලබා දුන්න පිළිතුර. මේ AI බොට් එක හදලා තියෙන්නේ බයිඩු සමාගම. ඒ විතරක් නෙමෙයි Ernie Bot එකේ ක්‍රියාවලියෙන් 98% ක් තියෙන්නේ චීන භාෂාවෙන්. බයිඩු කියන්නේ ප්‍රවාහන අංශයෙන්ද ඉදිරියෙන් සිටින සමාගමක්. ඒ නිසා දත්ත, සෙවීම් සහ ප්‍රවාහනය කියන අංශ වල AI තාක්ෂණය සංවර්ධනය කරන්න බයිඩු සමාගම අවධානය යොමු කරනවා.

හුආවෙයි කියන්නේ ලෝකයේ වඩාත්ම දියුණු උසස් 5G ජාලයක් සහිත චීනයේ තියෙන වැදගත්ම සමාගමක්. හුආවෙයි සමාගම දැනටමත් 6G ජාලය සමබන්ධයෙන් වැඩ පටන් අරගෙන තිබුණත් මේ වෙද්දි මේ සමාගම අවධානය දීලා තියෙන්නේ AI තාක්ෂණය යොදා ගෙන කරන කර්මාන්ත වලට. ගල් අඟුරු ආකර සහ ශිපින් පෝර්ට්ස් (Shipping Ports) AI තාක්ෂණය මගින් නවීකරණය කරන ක්‍රියාවලියට හුආවෙයි සමාගම අත ගහලා තියෙනවා. චීන රජයේ මූල්‍ය සහ නිෂ්පාදන අංශ වලටත් හුආවෙයි සමාගම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් හුආවෙයි සමාගම මේ
කර්මාන්ත සඳහා AI තාක්ෂණය සංවර්ධනය කිරීම ගැන අවධානය යොමු කරලා තියෙනවා.

බයිට්ඩාන්ස් කියන්නේ ලෝකයේ තියෙන වඩාත්ම වැදගත් සමාජ මාධ්‍ය සමාගම් වලින් එකක්. ඔවුන්ගේ ප්‍රධාන සොයා ගැනීම වන ටික්ටොක් ඇප් එක හරහා ලෝකය පුරා සමාජ මාධ්‍යය ප්ලැට්ෆෝම් එක වෙනස් කරන්න මේ සමාගමට පුලුවන් වෙලා තියෙනවා. බයිට්ඩාන්ස් සමාගමට චීනයේ තිබෙන අනෙක් හැම සමාගමකට වඩා දත්ත සහ වීඩියෝ තියෙනවා. ඔවුන් මේ සම්බන්ධව AI තාක්ෂණය සංවර්ධනය කිරීම ගැන අවධානය යොමු කරලා තියෙනවා.

ඉතින් ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තියෙන මූලික වෙනස තමයි මේක. Google සමාගම ඇමරිකා එක්සත් ජනපදය සමඟ වැඩ කරන්න දෙගිඩියාවෙන් සිටින කාලයක චීනයේ තිබෙන තාක්ෂණික සමාගම් චීන රජය සමඟ ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගන්න වැඩ කරනවා. සෑම චීන සමාගමකටම ඔවුන්ගේ විශේෂඥතාවයට ගැලපෙන අංශ වල AI තාක්ෂණය සංවර්ධනය කරන්න අවධානය යොමු කරන්න පුලුවන්. මේ සමාගම් එකතු වුනාම හැදෙන එකෝසිස්ටම් (Ecosystem) එකට පුලුවන් චීනය AI තාක්ෂණයේ බලවතා බවට පත් කරන්න.
"චීනයට තමන්ගේ AI සිහියනය සාක්ෂාත් කර ගන්න හැකියාව තිබුණත් එය පහසු නොවන බව ඇමරිකානු විශේෂඥයන් පවසනවා."
මේ ගැන ඔයාගේ අදහස මොකක්ද?




