Skip to content

අ.පො.ස (සා.පෙළ) විභාගය

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 3,568 කදී ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව අධ්‍යාන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල සම්මන්ත්‍රණ, උපකාරක පන්ති,දේශණ,වැඩ මුළු පැවැත්වීම 23 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඊට අමතරව අධ්‍යාපන පොදු  සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව අදර්ශ ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් බෙදා හැරීමද තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. කිසියම් අයෙකු මෙම නියෝග කඩ කරන්නේ නම් ඒ බවට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරීමටද ජනතාවට හැකියාවක් ඇත.

Latest