Skip to content

කන්නඩ සිනමාවට ආදරේ කරන කෙනෙක්නම්, අනිවාර්‍යෙන්ම නම ඇසුනු පමණින් අදුරගන්න නලුවෙක් තමයි Puneeth Rajkumar කියන්නේ. 2021 ඔක්තොම්බර් 29 අපි අතරින් සමුගන්නා විට අවුරුදු 46 පසුවුනා. Gandhada Gudi කියන්නේ. පුනීත්ගේ සිහින ව්‍යාපෘතියක් උන මෙය, රූපගත කිරීම අවසන් කිරීමට මත්තෙන්ම ඔහු අප අතරින් සමුගන්නවා. නමුත් ඒ වෙද්දි රූපගත කිරිම් ගොඩක් අවසන් වෙලා තිබූ නිසාත් මෙහි අධ්‍යක්ෂක Amoghavarsha JS විසින් මේ වාර්තාමය වැඩසටහන එලි දක්වලා තියෙනවා.

ස්වභාවධර්මයට ආදරය කරන, වනජීවීන්ට ආදරේ ආදරේ කරන, කෑම්පින් වලට කැමති අයට වගේම මලයාලම්, කන්නඩ සිනමාවේ වර්ණ සංකලනයට ආදරේ කරන හැමෝටම මේක බලන්න වටිනා documentary එකක්.

Puneeth Rajkumar ගේ ජිවිතයේ නොස්ටලිජියානු මතක රැසක් ඔහු මේ වැඩසටහන ට ඇතුලත් කරලා තිබෙනවා. ලංකාවෙ සුලබව අහන්න ලැබෙන අලි මිනිස් ගැටුම, දුර්ලබ දිවියන්ගෙ මරණ, මිනිස්සු විසින් සිදුකරන වනාන්තර ආක්‍රමණය ගැන Gandhada Gudi ඇතුළෙ අලුතින් හිතන්න සලස්වලා තියනවා. Documentary එක පුරාවට තියන ඩ්‍රෝන් ෂොට්ස්, ෆ්‍රේම්ස්, වතුර යට එක්පීරියන්ස් එක., මේක ඇත්තටම කාලෙකින් දැක්ක ලස්සන පැය 1යි විනාඩි 38ක ධාවන කලයක documentary එකක්.

මෙම වාර්තාමය වැඩසටහනේ  රංගනය දායකත්වය දක්වන්නේ Puneeth Rajkumar සහ Amoghavarsha JS එහි අධක්ෂ විසින්. කැමරා අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ Pratheek Shetty.

Latest