Skip to content

විදුලි බිල අඩුවෙද්දි ඉන්ධන සහ දුම්වැටි මිල ඉහලට

   විදුලි බිල අඩුකිරීමට පියවර ගත්තද එම ප්‍රතිශතයට වැඩි ප්‍රමාණයක් සමග ඉන්ධන සහ දුම්වැටි මිල ගණන් ඉහල දමා ඇතැයි පාරිභොගික ජනතාව පවසා සිටිති..

ජුලි 01 වනදා සිට විදුලි බිල 14.2 කින් පහල දැමීමට රජය විසින් පියවර ගෙන තිබූ අතර ඉන් පසුව ඉන්ධන මිල ගනණ් ඉහල ගියේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබණි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද, ඉහළ ගියේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද,  ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද, අඩු කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365  ද, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236 ක් ද, බවට පත්විය.

මේ අතර ඉදිරියේදී සිගරැට් මිල ගණන්ද ඉහළ දැමීමට තීරණය කර ඇති අතර සිගරට් කාණ්ඩ හතරක් යටතේ රුපියල් 5 කින්, 15කින්, 20කින් සහ 25කින් මිල ඉහළයනු ඇති බවට මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකු කියා සිටියේය.

Latest