ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් නිලධාරීන්ට උපදෙස්..
කිසියම් හෝ නොසැලකිල්ලකින් රෝගියකුට පීඩාවක් වන්නේ නම් ඊට නිදහසට කරුණු ප්‍රකාශ නොකර එම රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර වහාම ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
රට තුළ මාධ්‍ය වාර්තාවල පළවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධව සත්‍ය අසත්‍යතාවය කඩිනමින් සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර රටේ ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති වරයා තමන්ට දැනුම්දී ඇති බවද සාගල රත්නායක මහතා කියයි.