රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියාවට ගොස් විවිධ වෘත්තීන් හී සාර්ථකව නිරත වී මෙරටට පැමිණ සිටින ශ්‍රමිකයින් සදහා පැවැත්වෙන වාර්ෂික සුහද හමුව පසුගියදා පැවැත්වුණි. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ශ්‍රවනාගාරයේදී මෙම සුහද හමුව පවත්වන ලදි.
දකුණූ කොරියාවේ රැකියා වල නිරත වී මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් සදහා නව ව්‍යපාර හදුන්වා දීමද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.ඒ ආකාරයට දකුණු කොරියාවේ සිට පැමිණ මේ වන විටත් විවිධ ව්‍යාපාර වල නිරත වන පිරිස් තම අත් දැකීම් නවකයින් හා බෙදා හදා ගැනීමද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.
කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව, KOTRA Sri Lanka හා Saemual Foundation of Sri Lanka යන ආයතන වල නිලධාරීන්ද සහභාගි වූ මෙම හමුව කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ ශ්‍රි ලංකා EPS මධ්‍යස්ථානය හා කාර්යාංශයවිසින් සංවිධානය කර තිබුණි.

