Skip to content

ජපන් ජබර නිසා වේරැස් ගඟ මිරිදිය ධීවරයින් බඩගින්නේ

පිළියන්දල සහ මොරටුව නගර වෙන්කෙරෙන කොස්පැලෑන පාලම හරහා ගලා බසින ගංගාවේ  එක් කොටසක් වේරැස් ගඟ ලෙසත් අනෙක් කොටස බොල්ගොඩ නදිය ලෙසත්  හඳුන්වන අතර එම ගඟ දෙපස වූ  සුන්දරත්වය  නිසාම එම ප්‍රදේශ  සංචාරක ආකර්ශණය  බොහෝ ලෙස දිනාගත් ප්‍රදේශයකි.

බොල්ගොඩනදිය  දෙපස වූ හෝටල් මගින්සපයන සේවාවන්ට අමතරව එම් හෝටල් හිමියන් විසින් සිය පාරිභෝගිකයන් හට   ගංඟාව ආශ්‍රිතව ලබා දෙනු ලබන විවිධ වූ ජල ක්‍රීඩා ක්‍රියාකාරකම් හේතුවෙන්දේශීයමෙන්ම විදේශීය  සංචාරකයන් එකලඑම ප්‍රදේශවල බොහෝ ලෙස දක්නට ලැබුණු අතර   ගංඟාවේ අනෙක් කොටස වන වේරැස් ගඟ ආශ්‍රිතව  මිරිදිය ධීවර කටයුතුවල යෙදෙමින්  ජීවිතය ජයගන්නට වෙර දරණ  ධීවරයින් රැගත් බෝට්ටුද එකලඑහි සුලභ දසුනක් විය.

එහෙත් මේ වනවිට   වේරැස් ගඟ අවට ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ දුරක ප්‍රමාණයක් ජපන් ජබර ශාකය වැවී ඇති බැවින්  එම ප්‍රදේශය ආශ්‍රිතව මිරිදිය  ධීවර කාර්මාන්තයේ නියලෙන පිරිසට සිය දෛනික ආදායම් මාර්ගයේ  නියැලීමට නොහැකිව මහත් අපහසුතාවයට පත්ව ඇත .

පවුල් 100 පමණ වූ එම ධීවර ගම්මානයේ  ධීවරයින් පෙන්වා දෙන්නේ රජය හෝ වෙනත් කිසිදු පාර්ශවයක් මේ වන විට එම වේරැස් ගඟ අවට ප්‍රදේශය පිරිසිදු කර දීමට ඉදිරිපත් වීමක් හෝ සහයෝගයක් නොදක්වා ඇති බවයි. මේ නිසා කොවිඩ් හේතුවෙන් ද බැට කෑ සිය පවුල් මේ වනවිට දරුණු ආර්ථික ගැටලු වලට මුහුණ දී ඇති බවට ඔවුන් වැඩිදුරටත් පවසයි.

රජය මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සිදු කරන බැවින් කාබනික පොහොර නිෂ්පාදනයට ඉතාමත් උචිත ජපන් ජබර වැනි මෙම ශාක මෙම ස්ථානයෙන් ඉවත් කර ඒවා කාබනික පොහොර නිෂ්පාදනය කරන පිරිස වෙත ලබා දීමක් සිදු කරන්නේ නම් මේ අවස්ථාවේ දී ඇති පොහොර හිඟයට ද එය මහත් පිටුවහලක් වන අතර කාබනික පොහොර නිෂ්පාදකයින්ටද සිය නිෂ්පාදන වඩාත්  ගුණදායී භාවයකින් යුතුව සිදු කිරීමට හැකි බව  බවටයි ධීවරයින්  පවසන්නේ.

"ඉස්සර මේ ගඟේ ඉස්සා , කලිස්සා , කොරලිස්සා , මලිස්සා කියන ඉතාමත් රසවත් ඉස්සන් විශේෂ ජීවත් වුනා.  මේ ධීවරයින් විසින් සංචරණ කර්මාන්තයේ නියැලෙන හෝටල් වෙත ඒ ඉස්සන් ලබා ලබා දීලා හොඳ ආදායමක් ලබා ගත්තා. දැන් ඒ සේරම අහිමි වෙලා.ඒ නිසා මේ ගැන අවාධානය යොමුකරන්න මේ ගඟ පිරිසිදු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා" යැයි ධීවරයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

Latest