Skip to content

නිවාස සංවර්ධන අධඅධිකාරියට ජනතාවගෙවන වාරික මුදල් රුපියල් ලක්ෂ78ක වංචාවක්.

නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇතැම් දිස්ත්‍රික් කාර්යාලවලින් රුපියල් ලක්ෂ 78කට අධික මූල්‍ය වංචාවක් සිදු ව ඇතැයි තොරතුරු හෙළිවේ.

කලුතර ,කුරුණෑගල, ගාල්ල, මහනුවර, පුත්තලම, හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවල මේ වංචාවන් සිදුව ඇති අතර මේ වංචාවන්ට හවුල් වූ සේවකයන් 11 දෙනෙකුදමේවන්විට හඳුනා ගෙන ඇත.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇතැයි ද එමෙන්ම මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කර ඊට අදාළ වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයිද නිලධාරීන්ට උපදෙස් දී  තිබේ.

මේඅතර නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදාගත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් තිදෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේ සේවය මේ වන විට අත්හිටුවා තිබේ . ඔවුන් සම්බන්ධයෙන් කළුතර  විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පැවසීය.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව මෙම පිරිස චංචාකර ඇති මුදල රුපියල් ලක්ෂ 78කට අධිකවන අතර. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේපිලිබද පවසන්නේ ඉදිරි විමර්ශන අනුව මෙම මුදල තවත් වැඩිවිය හැකි බවයි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ධුරයට පත්වීමත් සමඟම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත්තෙ නිවාස ණය මුදල් අයකර ගැනීම වේගවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකසන ලෙසයි. ඒ අනුව ඇමැතිවරයා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සියලුම දිස්ත්‍රික් කළමනාකරුවන් කැඳවා ඔවුන්ට මසකට රුපියල් මිලියන 300ක් ණය මුදල් අයකර ගැනීමේ ඉලක්කයක් ලබාදී ඇත.

ඇමැතිවරයා පවසන්නේ තම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබේන බවයි
එම විමර්ශනයෙන් හෙළිදරව් වන සියලුම වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි කේ.ඒ. ජානක මහතා පැවසුවේ

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අය කිරීම් වැඩසටහනේදී ප්‍රතිලාභීන් විසින් අපේ අධිකාරියට ගෙවනු ලබන මුදල් නිසි ලෙස ගිණුම්ගත නොකර, අය කිරීම් කරන නිලධාරීන් විසින් ඒවා වංචා කරලා තියෙනවා කියලා පසුගිය කාලයේ මාධ්‍ය හරහා දිගින් දිගටම වාර්තා වුණා. මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න කියලා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අපේ සභාපතිවරයාට උපදෙස් දී තිබුණා. මෙම තත්ත්වය දිගින් දිගටම සිදු වීම ජනතාවට කරන අසාධාරණයක් වගේම එය අපේ ආයතනය ගැන ජනතාවට තිබෙන විශ්වාසය පලුදුවීමක්. ඒ නිසා සභාපතිවරයා අපට උපදෙස් දුන්නා මේ ගැන වහාම ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව අක්‍රිය වී තිබූ වැඩසටහනක් අපි සක්‍රිය කළා. ණය ලාභීන්ගෙන් විමසන විට මේ වංචාව හෙළි වුණා.

දළ වශයෙන් මීට සම්බන්ධ හම්බන්තොට 03 දෙනෙක්, කුරුණෑගල 01ක්, ගාල්ල 01ක්, පුත්තලම 01ක්, මහනුවර 01ක් සහ කළුතර 04ක් වශයෙන් පුද්ගලයින් 11 දෙනෙක් අපි හඳුනාගෙන තිබෙනවා. මෙම වංචාවේ සම්පූර්ණ වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂ 78කට ආසන්නයි. හම්බන්තොට දෙදෙනෙක් දැනට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම අනික් පුද්ගලයා වංචා කළ මුදල සම්පූර්ණයෙන්ම ගිණුමට බැර කර ගත්තා. ඒ වුණත් ඔහුට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම කුරුණෑගල, මහනුවර, පුත්තලම සිද්ධීන් ගැන පොලිස් පරීක්ෂණ සිදු කරනවා, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා. ලොකුම වංචාව වෙලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. එම මුදල් වංචාවේ ප්‍රමාණය ලක්ෂ 38ක් පමණ වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරෙනු ඇතැයි එම නිලධාරියා සඳහන් කළහ..


Latest