Skip to content

බාකු සටනේ මුල් පියවර ෆෙරාරි ජයගනී..

ෆෝමියුලා 1 - අසර්බයිජාන් වටය
කාලය මැනීමේ වටය.. 2023.04.28 සිකුරාදා

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අසර්බයිජාන් ගෝන්ප්‍රී වටයේ තරග ආරම්භක සැකස්මේ මුල් තැන ගැනීමට (Pole position) ෆෙරාරි ධාවක චාල්ස් ලෙක්ලර්ක් රෙඩ් බුල් ධාවක මැක්ස් වෙස්ටර්පන් සමග තියුණු තරගයකින් අනතුරුව සමත් විය.  2021 සහ 2022 වසරවලදි ද ධාවක සැකස්මේ මුල් තැන (Pole position) දිනා ගත්තේ චාල්ස් ලෙක්ලර්ක් විසින්ය.

ඝෘජු රේඛාවලදි රෙඩ්බුල් ධාවක වෙස්ටර්පන් වැඩි වේගයක් ලබා ගත්තද වංගුවලදි ලෙක්ලර්ක්ගේ ධාවනය වඩාත් වේගවත්වීම කැපී පෙණුනු ලක්ෂනයකි.

චාල්ස් ලෙක්ලර්ක් හා කරට කර සටනක් ලබාදුන් වෙස්ටපන් අවසන් වටය තෙක් තියුණු ධාවනයක යෙදුණු අතර දෙදෙනා අතර වටයක වේගය අවසානයේ වෙනස දැක්වුනේ තත්පර 0.188කිනි.

ඉරිදා ගෝන්ප්‍රී වටයේ ධාවක පෙළ ගැස්ම මෙසේය..

ස්ථාන රියදුරු
1 චාල්ස් ලෙක්ලර්ක් - ෆෙරාරි
2 මැක්ස් වෙස්ටර්පන් - රෙඩ් බුල්
3 සර්ජියෝ පෙරෙස් - රෙඩ් බුල්
4 කාර්ලෝස් සයින්ෂ් - ෆෙරාරි
5 ලුවිස් හැමිල්ටන් - මර්සිඩීස්
6 ප්‍රනාන්දු ඇලන්සෝ - ඇස්ටන් මාර්ටිං
7 ලැන්ඩෝ නොරිස් - මැක්ලරන්
8 යුකි සුනෝඩා - ඇල්පා ටෞරි
9 ලාන්ස් ස්ට්රෝල් - ඇස්ටන් මාර්ටිං
10 ඔස්කාර් පියස්‍රි - මැක්ලරන්
11 ජෝර්ජ් රසල් - මර්සිඩීස්
12 එස්ටැබෑන් ඔකෝන් - ඇල්පයින්
13 ඇලෙක්ස් ඇල්බන් - විලියම්ස්
14 වැල්ටරි බොටාස් - ඇල්ෆා රොමියෝ
15 ලෝගන් සාජන් - විලියම්ස්
16 ජෝ ගුවැන්යු - ඇල්ෆා රොමියෝ
17 නිකෝ හල්කන්බර්ග් - හෑස්
18 කෙවින් මැග්නසන් - හෑස්
19 පියර් ගෑස්ලි - ඇල්පයින්
20 නයික් ඩි රීස් - ඇල්පා ටෞරි

- Waruna Sudantha Herath

Latest