Skip to content

ෆෝමියුලා 1 මියාමි සති අන්තය ඇරඹෙයි!

ෆෝමියුලා 1 තරගායලියට අලුතින්ම එක් වූ ධාවන පථයක් වන මියාමි ධාවන පථය මේ සති අන්තයේ 2023 තරගාවලියේ පස්වන තරග වටයේ ධාවනයන්ගෙන් උණුසුම් වීමට නියමිතය.

මැයි 05 වන සිකුරාදා දිනයේ පුහුණු සැසි පැවැත්වීමට නියමිත වන අතර 06 වන සෙනසුරාදා කාල ගණන තේරීම් තරග වටය පැවැත්වෙනු ඇත. 07වන ඉරු දින ගෝන්ප්‍රී තරග වටය පැවැත්වීමට නියමිතය.

මියාමි ධාවන පථය ෆෝමියුලා 1 තරග ඉතිහාසයේ 77වැනි ධාවන පථය වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ 11 වැනි ෆෝමියුලා 1 ධාවන පථයයි.

මියාමි ධාවන පථයේ ෆෝමියුලා තරග ඉතිහාසය සහ ධාවන පථයේ විස්තර;

පළමු ගෝන්ප්‍රී තරගය - 2022
ධාවන පථයේ දුර - කිලෝ මී⁣ටර 5.412
වේගවත්ම ධාවනය - විනාඩියයි තත්පර 31.361, මැක්ස් වෙස්ටර්පන්, රෙඩ් බුල්, 2022
2022 ජයග්‍රාහකයා - මැක්ස් වෙස්ටර්පන් (රෙඩ් බුල්)
2022 ආරම්භක ස්ථානය - චාල්ස් ලෙක්ලර්ක් (ෆෙරාරි)

2023 වසරේ මෙතෙක් පැවැති ගෝන්ප්‍රී ඉසව් හතර සේම ස්ප්‍රින්ට් ඉසව්වේද ජයග්‍රාහකයින් බවට පත්වීමට රෙඩ්බුල් ධාවකයින් දෙදෙනා වන මැක්ස් වෙස්ටපන් සහ සර්ජියෝ පෙරෙස් සමත් වූ අතර ධාවක ශූරතාවලි (Driver’s Championship) ලකුණු සටහනේ පෙරමුණේ සිටින වෙස්ටර්පන් සහ පෙරෙස් අතර ලකුණු පරතරය ලකුණු 6කි. ෆර්නැන්ඩෝ අලෙන්සෝ ලකුණු 60 ක් ලබාගෙන පෙරෙස්ට ලකුණු 27 ක් පසුපසින් තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

Latest