හිටපු ජනාධිපති මෛත්‍රීපාල සේනානායක මහතා අද (29) දින යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව ආගමික නායකයින් හමුවී ආශිර්වාද ලබාගැනීම සිදුවිය.
එහිදී පළමුව යාපනය නාගවිහාරයට ගිය හිටපු ජනාධිපතිවරයා විසින් ආගමික වතාවත්හි නිරත වෙමින් නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මිගහජඳුරේ සිරිවිමල නායක හිමියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම සිදුවිය.
අනතුරුව යාපනය රදගුරු නිවසේදී යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් හමුවී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට පැමිණි අතර එහිදී නල්ලූර් කෝවිලේදී විශේෂ දේව මෙහෙයකටද සහභාගී විය.
ඉන් අනතුරුව යාපනයේ හින්දු ආගමික නායකයින් සමග සාකච්ඡාවක් පැවත්වීමට නියමිතව ඇති අතරම පසුව යාපනය ජුම්මා පල්ලියේද දේව මෙහෙයකට සහභාගී වි එහි නායකයින් හමුවීමට නියමිතව ඇත.
අවසානයේ යාපනයේ කොණ්ඩාවිල්හි ඉදිකෙරුනු ගාමන්ට් ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත්ත කිරීමට නියමිතව තිබෙන අතරම ඉදිරි දින කිහිපයේදීද යාපනයේ විශේෂ හමුවිම් සහ සාකච්ඡා කිහිපයක් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේ නැවතී සිටිනු ඇත.