Skip to content

කළුතර ග්‍රාම නිලධාරි නියට තර්ජනය කළ පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට ගෙන අධිකරණයට.

කලුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එතනමඩල ග්‍රාම නිලධාරී වසමතුල ඡ්න්දහිමි නාමලේඛණ ලකුණු කිරීමේ රාජකාරි කටයුතු සදහා එම වසමට පැමිණ සිටි ග්‍රාම නිළධාරීනියට තර්ජනය කර  රාජකාරියට බාධා කිරීම සම්බන්දයෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මන්ත්‍රී වරයෙකුට විරුද්ධව එම නිලධාරිනිය කළුතර උතුර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු බව පොලිසිය කියයි.
කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්අංක 718 එතනමඩල ග්‍රාම නිළධාරී වසමේ වැඩබලන ග්‍රාම නිළධාරීනි එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී නිලධාරිනිය විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මන්ත්‍රී වරයා අද(27) කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

Latest