Skip to content

පහරදීමක් සම්බන්ධයෙන් යාපනේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

යාපනය මහා නගර සභාවේ හිටපු නගරාධිපති එමානුවෙල් අර්නෝල්ඩ් මහතා 17 අද යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පහරදීමක් සම්බන්ධයෙන් අද 17 දිනයේ ඒ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා යාපනය පොලිසියට පැමිණි අවස්ථාවේදීය. පසුගිය දිනක තමිල් අරසු පක්ෂයේ රැස්වීමකින් අනතුරුව ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා යාපන ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර එහිදී අදාල පුද්ගලයා විසින් පහර දීමට අදාලව සිදු කල පැමිණිල්ලකට අනුව හිටපු නගරාධිපති වරයා අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු යාපන පොලිසිය විසින් සිදු කරන අතර අත්අඩංගුවට ගත නගරාධිපති වරයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

Latest