Skip to content

විදෙස් ශ්‍රමිකයන් ගතවු මාස 4 ඩොලර් බිලියන 2 එවලා


පසුගිය මාස 4 තුළ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් ප්‍රේෂණය කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
එමෙන්ම පසුගිය මාස හතරක කාලයේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් ප්‍රමාණය 1,13,798 බවද ඒ මහතා සදහන් කරනවා.


විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කරලීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය සමග එක්ව "මනු සෙවන" නමින් පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස සාදාදීමේ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතාවය පිළිබඳව සමීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇති අතර එම සමීක්ෂණය අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බවත් සඳහන් කළා.

මීට අමතරව විදේශගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ, බලපත්‍ර 85 ක් ලබාදී ඇති බවත් වාහන 40 පමණ මේ වනවිට මෙරටට ආනයනය කර ඇති බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

Latest