Skip to content

විදේශ සේවා කාර්යාංශ ගාස්තු අද සිට ඉහලට..

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු ඉහල දමා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

ඒ අනුව මෙතෙක්  විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ලෙස පැවති රුපියල් 17,928 වන ගාස්තුව රුපියල් 21,467 ක් දක්වා ඉහල දමා තිබේ.

එසේම ඔවුන්ගේ ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව ලෙස පැවති  රුපියල් 3,774 වු ගාස්තුව රුපියල් 4,483 ක් දක්වා ඉහල දමා ඇත.

මීට අමතරව මෙතෙක් රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව ලෙස පැවති රුපියල් 58,974 වූ ගාස්තුව  නව අගය රුපියල් 117,949 ක් දක්වා ඉහල දමා තිබේ.

Latest