Skip to content

ශ්‍රීලංකන් ගුවන් සේවයට විදෙස් නියමුවන්..

මේ වසරේ 30ක් ලබන වසරේ 50ක් බඳවා ගැනීමට අනුමැතිය..

මෙරට ගුවන් සේවාව සදහා නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වා ගෙන යාම සදහා මේ වසරේ ගුවන් නියමුවන් 30 දෙනෙක් අවශ්‍ය වන අතර ලබන වසරේ මැද භාගයේදී තවත් ගුවන් නියමුවන් 50 දෙනෙකු අවශ්‍ය වන බවයි.

එම අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා අග්නිදිග ආසියාවේ සහ උතුරු යුරෝපයේ ගුවන් නියමුවන් ඕනෑ තරම් සිටින බවයි මේ පිළිබදව අදහස් දක්වමින් Richard Nuttall පවසන්නේ.

පසුගිය වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට සිටි ගුවන් නියමුවන් 60 කට ආසන්න සංඛ්‍යාවක්  ශ්‍රී ලංකන් ගුවන් සේවය හැරගොස් විදෙස් ගතව හා තවත් පිරිසක් ඉහළ බදු පැනවීමට රජය ගත් තීරණයෙන් පසුව ගුවන් සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවත් සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට නම් ඉදිරියේදී ඒ සදහා විදෙස් රටවලින් ගුවන් නියමුවන් සේවයට බඳවා ගත යුතු වන බව ගුවන් සේවා අමාත්‍ය වරයා කල ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉකුත් ජූලි මස 16 වන දින GET PEAK ONLINE  වෙබ් අඩවිය හරහා මේ බව මුල් වරට අනාවරනය කෙරිනි.

පිටරට පයිලට්ලාගෙන් හෝ Sri Lankan දුවවනවා..
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරන සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමි

Latest