Skip to content

වසර අවසන් වන විට අවධමනයක් ගැන පුරෝකථන - බැංකු පොළියත් පහළ යන ලකුණු!

වසර අවසන් වන විට උද්ධමනය තනි ඉලක්කමකට හෝ අවධමානයකට යනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

භාණ්ඩ මිල පහළ යාමත් සමඟ ශ්‍රම වෙළෙඳපොලේ ද අගයන් පහළ යනු ඇති බවයි දුනුසිංහ මහතා සඳහන් කරන්නේ.

ඇතැම් පුරෝකථන පසුකරමින් උද්ධමනය පහළ යමින් තිබෙන නමුත් ජනතාවගේ ක්‍රයශක්තිය ද පහත වැටි ඇති බවයි ඔහු පවසන්නේ.

මේ අතර මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පහළ දැමීම හමුවේ වාණිජ බැංකුද පොළී අනුපාත අඩුකරනු ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් යම් මන්දගාමී බවක් පෙන්නුම් කර තිබෙන බව දුනුසිංහ මහතා පවසයි.

ඒ අනුව 17%-16% වැනි මට්ටමට වාණිජ බැංකු පොළී අනුපාත පහළ යනු ඇති බවයි දුනුසිංහ මහතා සඳහන් කරන්නේ.

''මහ බැංකුව විසින් කෙටිකාලීනව දෙවෙනි වතාවටත් පොලී අනුපාත පහළ දැමුවා. මේකට හේතු දෙකක් බලපෑවා. උද්දමනට 60-70 ඉදලා 10% බැහැලා. අනිත් එක විදේශ ප්‍රේශණ හා විදේශ විනිමය ගලාගෙන යනවා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා වාණිජ්‍ය බැංකු පොළිය පහළ දමාවි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිපත්තිය පොළිය පහළ දැමීම එක්ක 17% -16% හෝ ඊට පහළ  යාවි කියලා. මූල්‍ය අංශය  බයෙන් හිටියා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද  ඒකත් පහව ගියා. බැංකු යම් මන්දගාමී බවක් පෙන්වනවා පොළී අනුපාත පහළ  දැමීම පිළිබද. මේ නිසාම වෙන්න ඇති මහබැංකුව ප්‍රකාශ කළේ
බැංකු හා මූල්‍ය පද්ධතියට වගකීමක් තියෙනවා ආර්ථිකය වැටිලා තියෙන වෙලාවේ කොන්දේසි ලිහිල් කරන එක කියල. බොහෝ අයට ඇපයට තියන්න දෙයක් නෑ. විශේෂ  වගකීමක් තියෙනවා පොළිය පහළ  දැමීමට.''
යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Latest