Skip to content

පත පොත නැති දරුවන්ට - පොත් බැංකුවක්

විවිධ බැංකු අප රට තුළ බිහිව ඇත.එසේ බිහි වී ඇති බැංකු බොහෝමයකින් සිදු වන්නේ මුල්‍ය ගණු දෙණු සිදු කිරීමය.නමුත් මේ ඊට හාත් පසින්ම වෙනස් වූ බැංකුවක් පිළිබදව කථාවකි.

"දිනන්නට හෙට ලොව - දරුවන්ට අත්වැලක්" යන තේමාව ඔස්සේ මේ අපූරු බැංකුව ආරම්භ කර ඇත්තේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසිනි.ඒ මුදල් වෙනුවට දැණුම් තැම්පත් කිරීම සදහාය.

පාසල් දරුවන් අභ්‍යාස පොත් මිලදී ගෙන දීම වර්තමානය වන විට දෙමව්පියන්ට ගැටළුවක් වී ඇත.අභ්‍යාස පොත් වල මිල අහස උසට ඉහළ නැග තිබීම ඊට හේතුව වී ඇත.මේ නිසාම ඇතැම් දරුවෝ අතර මගදී පාසල් ගමන අවසන් කරති. මව්පියන්ද නිහඩව සිටින්නේ වෙනත් කරන්න දෙයක් නැති නිසාම වන්නට ඇත.

ඕනෑම ප්‍රශ්ණයකට පිළිතුරක් තියනවා කියන අදහස ඇති නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා දරුවන් අතර තිබෙන අභ්‍යාස පොත්  ගැටළුවට විසදුමක් සොයා යන්නට උත්සහ කර ඇත.ඒ අනුව නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 13 ක් තුළ පළමු අදියර ලෙස "අභ්‍යාස පොත් බැංකු" ආරම්භ කිරීම පසුගියදා සිදු කරන ලදි.

තෝරා ගෙන පාසල් වල විදුහල්පතිවරුන් මාර්ගයෙන් ආභ්‍යාස පොත් අවශ්‍ය කරන දරුවන් කව්රුන්ද යන්න හදුනා ගැනීම මුලින්ම සිදු කර ඇත.එසේ හදුනා ගෙන ඇති දරුවන්ට අවශ්‍යතාවය මත අභයාස පොත් නිකුත් කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරීමටද ප්‍රාදේශීය ලේකම් වරයා කටයුතු කර ඇත.

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ 2002/2003 විද්‍යාර්ථයින් විසින් පළමු පොත් තොගය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබා දී ඇත.ඊට අමතරව ප්‍රදේශයේ බැංකු සහ සුභ සාධක සමිතිද අවශ්‍ය අභ්‍යාස පොත් ලබා දීමට කටයුතු කර ඇත.එසේ ලැබී ඇති අභ්‍යාස පොත් වල වටිනාකම රුපියල් ලක්ෂ 10 කට අධික බව නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්වරයා සදහන් කරයි.

"මේ ආරම්භ කළේ පළමු අදියර.මෙම අදියරේ ප්‍රගතිය ගැන අපි දැඩි අවදානයෙන් පසුවෙනවා.අනතුරුව ආරම්භ කරන දෙවැනි අදියරේදි නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළුම පසල් වල අභ්‍යාස පොත් බැංකු ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා."නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා සදහන් කළේය.

Latest