Skip to content

ඊජිප්තුවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට.

ඡායාරූප මූලාශ්‍රයන් විදෙස් මාධ්‍ය තුලිණි.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් කුඩා දරුවෙකු ද ඇතුලුව පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා තිබේ. මීට වසර 50 කට පමණ පෙර ඉදිකරන ලද මහල් 14 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ පවුල් 16 ක් ජීවත්ව ඇති අතර මෙහි ඇති අනෙකුත් නිවාස සංචාරකයින් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ගිම්හාන කාලය ගත කිරීමට භාවිතා කරන ලද බව එරට නගර ආණ්ඩුකාර මොහොමඩ් එල් ෂෙරිෆ් විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇත​.

ෆේස්බුක්හි පළ කරන ලද සජීවී වීඩියෝවක දැක්වෙන්නේ සුන්බුන් තුළ ඇති වූ කුඩා ගින්නක් නිවා දැමීමට සිවිල් ආරක්‍ෂක ඒකක උත්සාහ කරන අයුරු වන අතර; ඊජිප්තුවේ අදාළ බලධාරීන් විසින් නියෝගයක් නිකුත් කර ඇත්තේ ගොඩනැගිල්ලේ හිමිකරු සහ​ අදාළ​ කොන්ත්‍රාත්කරු ඉදිරි පරීක්‍ෂණ පැවැත්වෙන තෙක් දින හතරකට රඳවා තබා ගන්නා ලෙසටයි.

ඊජිප්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු උපුටා දක්වමින් එරට Al-Ahram පුවත් සේවය වාර් තා කර ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැරණි ජනාවාස ගොඩනැගිලි 7,000ක් පමණ කඩා වැටීමේ අවදානමක පවතින බවයි.

Latest