Skip to content

කරවලත් එක්ක කරවල වෙන පේදුරුතුඩුව ධීවරයෝ

යාපනයේ කරවල කී සැනින් කවුරුත් දෙපාරක් නොසිතා මිලට ගන්නේ එම කරවල ඇති රසය වගේම නියමාකාරයෙන් වේලා ඇති පදම් වූ කරවල නිසාවෙනි. මේ නිසාම දකුණේ සිට උතරට යන ඕනෑම අයෙක් කරවල ගැනීමටනම් අමතක නොකරයි.

ශ්‍රී ලංකාවේ උතුරු කෙලවර වූ පේදුරුතුඩුව මුහුදු තීරයේ කරවල වෙළඳාම සිදුකරන ධීවරයින්ට සිය කරවල වෙළඳාම සිදු කිරීමේදී මෙන්ම මසුන් ඇල්ලීමේදී ගැටලූ රැසකට මුහුණ පෑමට සිදු වීම නිසා තමන්ට ආර්ථීක වශයෙන් මෙන්ම නොයෙකුත්  අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවට පේදුරුතුඩුව කරවල වේලන ධීවරයින් කියා සිටිති..


යුද්දයට පෙරත් සහ පසුවත් කරවල වෙළඳාම් කරන මේ වැසියන් සිය ජීවිකාව සිදු කරනු ලබන්නේ අනේක විද වූ ගැටලූ සමුදායක් සමගය ස්ථීර නිවසක් නොමැති වීම,පිරිසිදු පානීය ජලය නොමැති වීම සිය ජීවිකාව වන කරවල වෙළඳාමට අවශ්‍ය පහසුකම් නොමතිවීම හා මුහුදේ මසුන් ඇල්ලීමේදී සිදුවන බාධකයන් ප්‍රධාන ගැටලූ වන අතර ඊට අමතරව එදිනෙදා ජීවිතයේ බොහෝ ගැටලූ වලට මේ වැසියන් මුහුණ දෙනවා.
පේදුරුතුඩුව කරවල වාඩියෙහි තාවකාලික නිවසක ජීවත් වන කේ.බාලමුත්තු ධීවරයා කියා සිටියේ මෙවැන්නකි

කේ.බාලමුත්තු

"අවුරුදු ගානක් තිස්සේ අපි ලංකාවේ අවසාන මුහුදු සීමාවේ ඉඳන් කරවල වේලනවා නමුත් අපි හැමදාම එකම තැන මේ වෙනකම් කිසිම දියුණුවක් නැහැ එදා වේල හොයාගත්තු එක විතරයි වුනේ අපි දවසකට වේලන කරවල තොගයේ හැටියට අපි මේ වෙන කොට හොඳ පෝසත් මිනිස්සු නමුත් වේලන කරවල විකුනගන්න විදිහක් නෑ ප්‍රවාහනය කරගන්න ක්‍රමයක් නෑ දවස පුරා වෙලන කරවල එක එක වෙළෙන්ඳන්ට කුනු කොල්ලෙට දෙන්න වෙලා අපේ ජීවිතත් මෙහෙම කිසිම වටිනාකමක් නැතිවම වේලිලා යයි.

යුද්දෙට පෙරත් අපි මෙහෙම ධීවර රස්සාව කළා එතකොට අපිට අතමිට සරු නොවුනේ එල්.ටී.ඊ.එකේ කප්පම් කාරයෝ අපි අල්ලන මාලූන්ගේ අදායමින් 80%ක්ම ගත්ත නිසා එදා ඉතින් අපි එදා වේල පිරිමහ ගත්තේ දහදුක් විඳලා මොකද ැඩියෙන් මාලූ ඇල්ලූවේ නැත්තම් අපිට මාලූ නෑනේ ඔක්කම ටික අර අයට දෙන්න වෙනවනේ මාලූ අල්ලලා විකුණන එකට වඩා කරවල වේලලා විකුණන එක ටිකක් ලාබ වුනා මොකද මාලූ අල්ලන දවසෙම ඒ අයට කප්පම් දෙන්න ඕන නෑනේ කරවල වේලලා එකෙන් ලැඛෙන මුදල් වලින් අපිට එදාට ජීවත් වෙන්න ඔන මුදල් තියාගෙන අනිත් එවා දුන්නා දරුවෙක් වෙනුවෙන්වත් කිිසම ඉතුරුවක් නම් වුනේ නැහැ එදා කරවල වේලන්න පුරුදු වෙච්ච එක තාම අවුරුදු 10කට වැඩිය මේකම තමයි හැබයි අපි තාමත් එකම තැන"


"යුද්දේ ඉවර වුන එක අපිට ලොකු සතුටක් වුනා මොකද අපිට නිදහසේ ධීවර රස්සාව කරගන්න පුලූවන් වුන නිසා බොරු කියන්නේ මොකටද යුද්දෙට ඉස්සරවෙලත් මගේ ගෙදරනම් තාවකාලික ගෙදරක් මොකද අපේ ගෙවල් මුහුද අයිනෙමනේ තියෙන්නේ මේ ඉඩම්වත් අපි හිටියට අපිට අයිතියක් නෑනේ කොයි වෙලේ මුහුදු රලින් මේ ගෙවල් විනාශ වෙයිද කියන බයත් එක්කයි අපි හිටියේ යුද්දේ ඉවර වෙලා අපි මේ පලාතේ ආයෙත් ධිවර රස්සාව කරන්න එන කොට නම් අපේ තිබුන ගෙවල් වල කොහොමටවත් ඉන්න බැරි තරමට එවා දිරලා තිබුනේ ඉතින් අපි බොහොම අමාරුවෙන් පොල් අතු පැලක් අටව ගත්තා දැන් අවුරුදු 2කට වැඩියි ජීවිතේ ගොඩදාගන්න විඳින්නේ නැති දුකක් නැහැ දැන් අපිට අපේ ජීවිත දියුණු කරගන්න කාලයක් නැහැ එත් අපේ ළමයින් වෙනුවෙන්වත් ඉන්න හිටින්න ස්ථීර නිවසක්වත් හදාගන්න ඔන එකට මේ වෙන කම් කසිම කෙනෙකුගෙන්වත් උපකාරයක්වත් නැති නිසා අපි බොහෝම අසරණ වෙලා ඉන්නේ"


යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේ ධීවර වෙළඳාමත් අණතුරුව කරවල වෙළඳාමත් සිදුකරන මේ ජනතාවගේ බොහෝ ගැටලූ තිඛෙන බවට එහි ගිය විට දක්නට ලැබිණ දවස පුරා මුහුදු රළත් සමග පොර බදින මේ මිනිස්සු සිය නිවසට පැමිණි පසුද නිදහසක් නොමැත.ඉන් අණතරුව ඔවුන් විසන් අල්ලනු ලැබූ මාලූ අව්වෙහි දමා වේලීම සිදු කරති

කරවලූන් සමග වේලෙන මෙම ජීවිතය පිළිබඳව මීලගට අදහස් කියා සිටියේ කරවල වාඩියේ සිටි සින්නතුරෙයි පෙරුමාල් විසිනි.

සින්නතුරෙයි පෙරුමාල් 


"යුද්දෙට පස්සේ අපි මුහුදු රස්සාව කරලා හොඳින් ජීවත් වෙන්න හිතන් තමයි අපි මේ රස්සාව අයෙත් පටන් ගත්තේ නමුත් අපිට වෙන කරදර දෙයියො තමයි දන්නේ කොහොමද කියිනවනම් අපි පාන්දරම මුහුදු යන්නේ එහෙම යන කොට බොහෝ විට ඉන්දීය ධීවරයො අපේ දැල් ඉරලා විනාශ කරලා එහෙම නැත්තම් ඒ කට්ටිය එක පාරටම අපි ඉන්න පැත්තට ඇවිත් අපිට ගහලා අපේ මාලූත් අරන් යනවා දැලක් විනාශ වුනාම අපිට දැලක් ගන්න තරම්වල් වත්කමක් නැහැ දහ අතේ ණය වෙලා තමයි මාලූ දැලක් ගන්නෙත් යුද්දෙට ඉස්සෙල්ලා මේ ප්‍රශ්ණ තිබුනේ නැහැ මේ වෙනකම් ආණඩුවටත් බැරිවුනා මේ ප්‍රශනෙටවත් විසඳුමක් දෙන්න"

 "මේක රටවල් දෙකක ප්‍රශණයක් වෙලත් ඇයි තමන්ගේ රටේ සිමාවට නීති දාන්න බය වෙන්නේ ආණ්ඩුව ඉන්දියාවට බය නිසයි මෙහෙම වෙන්නෙ කියලයි අපි හිතන්නේ දැන් අලූතේන පලාත් සභාව තිබ්බා ඒකෙන් පත් වෙච්ච අයවත් මේ ගැටලූවලට විසඳුමක් දෙයිද කියලා අපි බලන් ඉන්නවා එහෙම දුක් විඳලා ගෙන මාලූ වේලලා අපිට වික-ණගන්න විදිහක් නෑ ඒකත් කුණු කොල්ලෙට දෙන්න වෙලා වේලගන්න කරවල ටික නගරෙට අරන් යන්න විදිහක් නෑ මේ දවස් වල කරවල වෙළඳාම නම් හොඳයි නමුත් එවා විකණගන්න විදිහක් නැති එකයි ගැටලූව අපේ ජීවිත මේ විදිහට වේලිල යන්න නොදී අපිට විසඳුමක් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ"


මේ පිළිබඳව උතුරේ එක්සත් ධීවර සංගමයේ සභාපති එස්. එමිලියාස් පිල්ලේ මහතාගෙන් කරන ලද විමසිමකදී ඔහු කියා සිටියේ
යාපනයේ නැවත පදිංචි වූ ධීවරයින්ට ඇතුලූ සියලූම ධීවරයින්ට සිය ධීවර කටයුතු වලදි බොහෝ ගැටලූ තිඛෙනවා ඒක පේදුරුතුඩුව ධීවරයින්ටම සීමා වුනු එකක් නෙමෙයි පේදුරුතුඩුව ධීවරයින්ගේ මේ ගැටලූව ඇත්ත තමයි නමුත් මේ ගැටලූ පිළිබඳව ධීවර අමාත්‍යාංශයේ අදාල බලධාරීන්ට කිහිප අවස්ථාවකදීම ලිඛිතව පවා දැනුම් දීලා තියනව මට කරන්න පුලූවන් එපමණයි එතනින් එහාට මේ ධීවරයින්ට විසඳුම් දෙන්න ඕන රජයේ බලධාරීන්. යනුවෙනි

Latest