පසුගිය අගෝස්තු 24 වන දින අසර්බයිජානයේ බාකු නගරයේදී පැවැත්වුණු ලෝක චෙස් සම්මේලනය මගින් 10 වන වරටත් සංවිධානය කළ FIDE World Cup හි අවසාන මහා තරඟය එතෙක් මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම චෙස් ක්‍රීඩකයා වන නෝවීජියානු ජාතික මැග්නස් කාල්සන් සහ පෙරළිකාර 18 හැවරිදි ඉන්දීය ජාතික රමේෂ්බාබු ප්‍රග්නානන්ධ අතර පැවැත්වුණා. මේ සඳහා මෙවර තරඟකරුවන් 206 දෙනෙක් සහභාගී වු අතර මෙම තරඟාවලිය සති 5ක් පුරාවට පැවති අතර Knockout ආකෘතිය යටතේ පැවති එකම තරඟාවලියද වුණා.
අගෝස්තු 22 සහ 23 පැවති සාමාන්‍ය (Classical) තරඟ දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුණු අතර ශූරයා තෝරාගැනීම සඳහා 24 වන දින Rapid සහ Blitz වර්ගයේ තරඟ පවත්වනු ලැබුවා.
Rapid සහ Blitz Chess යනු කුඩා කාල පරාසයන් වල සිදු කරනු ලබන චෙස් තරඟ වර්ග දෙකකි. තරඟාවලියෙන් තරඟාවලියට මේවායේ නීති රාමු වෙනස්වන අතර FIDE World Cup ශූරතාවයේදී නම් Rapid Chess තරඟයක් විනාඩි 10ත් - විනාඩි 25ත් අතර කාල පරාසයක පවත්වන ලද අතර Blitz Chess තරඟයක් විනාඩි 3ක් වැනි කෙටි කාල පරාසයක පවත්වන ලදී.
මෙම තරඟ වල ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා සාමාන්‍ය ලෙස කිසිවෙකු ජයග්‍රහණය කර නොමැති විට විධි රාශියක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වෙනත් ලිපියක් පසු දිනක ඔබ වෙත ගෙන එන්නම්.
මේ හේතු නිසාම සාමාන්‍ය තරග ජය පරාජයෙන් තොරව අවසන් වූ විට මෙම වර්ගයේ තරඟ කිහිපයක් ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා පවත්වනු ලබයි. මේ සමබන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා What is format of FIDE World Cup 2023 final? මෙම සබැඳිය මගින් ඔබට දැනගත හැක.
අගෝස්තු 24 වන දින පැවැත්වුණු මෙම තරගයන් හි පළමු Rapid වට දෙක අවසානයේ මැග්නස් කාල්සන් ඔහුගේ ප්‍රථම FIDE World Cup ශූරතාව දිනාගනු ලබනවා. ඒ සමගම ලොව තිබෙන සියලුම වර්ගයේ චෙස් ශූරතා දිනාගත් පළමු පුද්ගලයා බවටත් ඔහු පත් වුණා.
මෙම තරඟයට ප්‍රථම වතාවට දකුණු ඉන්දියාවේ සිට පැමිණි 18 හැවරිදි රමේෂ්බාබු ප්‍රග්නානන්ධත් එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. දකුණු ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයෙන් පැමිණෙන ඔහුගේ පියා බැංකු කළමණාකරුවෙකු වන අතර මව ගෘහණියකි. ක්‍රිකට් මූලික වූ රටක චෙස් ක්‍රීඩාව වෙත ඔහුගේ මනස ගෙන ගියේ ඔහුගේ වැඩිමහල් සොයුරිය වූ වෛශාලි රමේෂ්බාබුය. ඇයද අන්තර්ජාතික මාස්ටර්වරියකි (International Master).

කුඩා කළ සිටම චෙස් වලට ඇලුම් කළ ඔහුගේ වීරයා වුණේ විශ්වනාතන් ආනන්ද්ය. ඔහු ඉන්දියාවෙන් මෙතෙක් බිහි වූ විශිෂ්තම චෙස් ක්‍රීඩකයා වන අතර 2000, 2007, 2008, 2010 සහ 2012 වසරේදී පැවැත්වුණු ලෝක චෙස් ශූරතා සහ 2000 සහ 2002 වසර වලදී පැවැත්වුණු පළමු සහ දෙවන FIDE World Cup ද ඔහු ජයග්‍රහණය කළේය. (සැ.යු: FIDE World Cup සහ ලෝක චෙස් ශූරතාව (World Chess Championship) වෙනම තරඟාවලි දෙකකි. එහෙත් දෙකම ලෝක ශූරතා තරඟ වේ. FIDE World Cupහි මුල් ස්ථාන 3 ලබන පුද්ගලයන්හට මුල්‍යමය ත්‍යාගවලට අමතරව මීළග ලෝක චෙස් ශුරතාවේදී ලෝක ශූරයා හා සටන් කිරීමේ අවස්ථාව හිමි කර දෙනු ලබන "Candidate Tournament" තරඟාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ලැබේ. මැග්නස් කාල්සන් ශුරයා වූවද ඔහු මීළඟ ලෝක ශුරතාව සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බැවින් මෙහි 4 වන ස්ථානය ලැබු Nicat Abasov (නීජාත් අබාසොව්) සඳහා මෙවර අවස්ථාව හිමිව ඇත.)
ලෝක චෙස් ශූරතාවක අවසන් මහා තරගයට සහභාගී වුණු ලාබාලම පුද්ගලයා වීමේ ගෞරවයද හිමි කරගත් ප්‍රග්නානන්ධ අවසන් පූර්ව වටයේදී ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම් හි දෙවන ස්ථානයේ සිටින ඉතාලියානු-ඇමරිකානු ජාතික ෆබියානෝ කරුආනා (Fabiano Caruana) සහ Top 32 වටයේදී තුන්වන ස්ථානයේ සිටින හිකරු නකමුරා (Hikaru Nakamura) ද පරාජය කළේය. එමගින් ලෝක චෙස් ශුරතාවක අවසන් මහා තරඟයට පැමිණි දෙවන ඉන්දීය ජාතිකයාද ඔහු වුණා.

ප්‍රග්නානන්ධ වයස අවුරුදු 10දි චෙස් අන්තර්ජාතික මාස්ටර්වරයෙකු (International Master) බවට පත් වුණු අතර ඒ සමග ලොව ලාබාලතම අන්තර්ජාතික මාස්ටර් බවටද පත්වුණා. වයස අවුරුදු 12දි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයෙකු වුණු ඔහු ඒ වන විට ලොව දෙවන ලාබාලතම චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාද වූ අතර චෙස් ශ්‍රේණිගත කිරීම්හි 2600 සීමාව පසුකල ලාබාලතම පුද්ගලයාත්, candidate tournament සඳහා තේරුණු තුන්වන ලාබලතම පුද්ගලයාත් ඔහු වේ. ඔහුට ඉදිරියෙන් සිටින්නේ බොබී ෆිෂර් (Bobby Fischer) සහ කාල්සන්ය.
දිගු ගමනක පෙරමන් සලකුණු පෙන්වන ප්‍රග්නානන්ධහට අනු ශූරතාව මෙම වසරේදී හිමි වුණත් බොහෝදෙනෙකු පුදුමයට පත් කළ චරිතයක් විය. ඔහු නිසාම මෙම ලෝක චෙස් ශූරතාවට බොහෝදෙනෙකුගේ වැඩි අවධානයක් පවා හිමි විය.
මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒම සඳහා අන්තර්ජාලයෙන් මෙන්ම චෙස් ක්‍රීඩකයන්ගෙන්ද විස්තර රාශියක් ලබාගත් අතර මේ අවස්ථාවේ ඔවුනට ස්තුතිය පුද කරමින් ඔබ මේ ලිපිය රස විදිනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි.