හේතුව පනත ලු..
ශ්‍රී ලංකාවෙන් ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ට්‍රග්‍රෑම්, යාහූ වැනි ප්‍රධාන පෙළේ අන්තර්ජාල සේවා ඉවත් වන බවට දැනටමත් අනතුරු අඟවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
මාර්ග ගත ක්‍රම වල ආරක්ෂාවට යයි කියමින් පනතක් ඉදිරිපත් කර ඇතත් එහි ඇත්තේ සම්පූර්ණයෙන්ම ඒවා මර්දනය කිරීමක් මිස ආරක්ෂාවක් නොවන බවද විපක්ෂ නායක වරයා සදහන් කරයි.
එය මුළුමනින්ම රටේ ජනතා හඬ නිහඬ කිරීමට දරන උත්සාහයක් බැවින් සමාජ මාධ්‍ය වාරණය කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට පිවිසෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කියයි.
සමගි ජන බලවේගයේ පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කලේය.