Skip to content

ගවරම්මාන ගිණ්නෙන් ගොවීන් දැඩි අසීරුවට

වැලිමඩ - කැප්පෙටිපොළ යන ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වියළි කාළගුණ තත්වය අතරතුරදී කැප්පෙටිපොළ ගවරම්මාන ප්‍රදේශයේ ගවරම්මාන ගම්මානයට ඉහළින් ඇති කඳු ප්‍රදේශයට ඊයේ රාත්‍රියයේ කිසියම් පුද්ගලයකු ගිණි තැබීම හේතුවෙන් මේ වන විට ප්‍රදේශවාසී ගොවීන් සහ වන සතුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවට වාර්තා වේ.

විශේෂයෙන් කඳු ප්‍රදේශය ආශ්‍රිතව ගොවීන් ප්‍රධාන වශයෙන් එළවළු වගාව සිදුකරන බැවින් වගා භූමි ආශ්‍රිතව ස්ථානගත කර ඇති ජල ටැංකි, ජල නල ඇතුළු අනෙකුත් උපකරණ ගිණ්නෙන් බේරා ගැනීමේ දැඩි පරිශ්‍රමයක ගොවීන් මේ වන විට නිරත වෙමින් ඇත.

බළධාරීන් පවසන්නේ පවතින වියළි කාළගුණය සහ සුළං සහිත කාළගුණය හේතුවෙන් ගින්න පැතිරීම ඉතා වේගයෙන් සිදුවන බවත් සහ මේ වන විට රජයේ වන වගාවන් ඇතුළු අක්කර තිහක් පමණ ගිණ්න හේතුවෙන් විනාශයට පත්ව ඇති බවය.

එමෙන්ම අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ ඉහළ කඳු ප්‍රදේශයේ ගිණ්න හේතුවෙන් පහළ ඇති ගවරම්මාන ගම්මානයටත්, වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයටත් ගල් පෙරලීමේ අවධානමක් ද ඇත. එසේම ශාක සම්පත විනාශ වීම හේතුවෙන් ඉදිරියේ දී වැසි තත්වයන් තුළ නාය යෑමේ අවධානමක් ද උද්ගත විය හැකි බව නිරීක්ෂණය කළ හැකිය.

ගවරම්මාන ප්‍රදේශය තුළ පවතින ගිණ්න සහ හක්ගල අධි සංවේදී පාරිසරික කලාපය ද ආසන්නයේ පවතින බැවින් පාරිසරික වශයෙන් ඉතා ගැටළුසහගත තත්වයක් මේ වනවිට උද්ගතව ඇති අතර කැප්පෙටිපොළ පොලීසිය, අදාළ බළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගිණ්න නිවා දැමීමේ දැඩි උත්සාහයක මේ වන විට නිරත වෙමින් සිටී.

Latest