Skip to content

ප්‍රවෘත්තියක් තහවුරු කරගන්න බැරි පුවත්පත් මණ්ඩලයේ සභාපති.

2022 වසරේ අරගලයට සක්‍රීය දායකත්වයක් ලබා දුන් බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න පසුගිය දා (2023.04.18) මිය ගිය අතර මිය යෑමට පෙර ඔහු විසින් ලියන ලද්දේ යැයි හැඟවෙන ආකාරයට ලියුමක් ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ඔහුගේ ඥාති හිතමිත්‍රාදීන් චෝදනා කර තිබේ.

මෙම ලියුම ඔහු සන්තකයේ තිබී හමුවූවක් නොවන බවත් හිතාමතාම ඔහු සහ ඔහු පෙනී සිටි අරගලය අපකීර්තියට ලක්කිරීමට ප්‍රබන්ධ කර ප්‍රසිද්ධ කරන ලද්දකැයි ඔවුන් දන්වා සිටී.

ජීවිතයෙන් සමු ගැනීමට පෙර බුද්ධි විසින් පෙර සැකසූ ඊමේල් පණිවිඩයක් සිය මරණයෙන් පසු හිතවතුන් වෙත ලැබෙන පරිදි සූදානම් කොට තබා මිය ගොස් ඇත. ඔවුන් වෙත අදාළ ඊමේල් පණිවිඩය ලැබෙන්නේ බුද්ධිගේ මරණයෙන් අනතුරුවය. බුද්ධිගේ අවසන් කටයුතු සහ මරණයෙන් අනතුරුව කටයුතු කළ යුතු ආකාරය ආදි කරුණු පිළිබඳව සවිස්තරාත්මක පැහැදිළි කිරීම් එහි අඩංගු වන බවත් මේ වනවිට සමාජමාධ්‍යවල හුවමාරුවන ලිපිය සහ අදාළ ඊමේල් පණිවිඩය අතර කිසිදු සමානතාවක් නැති බවද වාර්තා වෙයි.

එසේම බුද්ධිගේ යයි හැඟවෙන ආකාරයට රචනා කර කර, අන්තර්ජාලයට යොමු කළ සහ බෙදා හැරි පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද වාර්තා වෙයි.

Latest