Skip to content

ලංකා ඊ නිව්ස් වැඩ වරද්දගනී

Lankaenews වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කල සාවද්‍ය ලිපිය සහ වීඩියෝව සම්බන්ධයෙන්, එම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන එක්සත් රාජධානිය තුල අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක විසින් Taylor Hampton Solicitors නීතිඥ සමාගමට පවරා ඇත.  එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ Lankaenews වෙබ් අඩවියට එරෙහිව අදාල නීතිමය කටයුතු ආරම්භ කල බවයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය අප්‍රේල් 25 වන දින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවසූ චාමර ගුණසේකර නම් තැනැත්තා මංජු නිශ්ශංක විය හැකි බවට සාවද්‍ය කරුනු ගොතමින් පල කළ පුවතක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාලාවල කතාබහට ලක්විය.

එම පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් තමා හට අපහාස කිරීමේ අරමුනින් ගොතන ලද්දක් බවත් ඊට අදාල නීතිමය කට‍යතු සිදු කරන බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයෙ නායක මංජු නිශ්ශංක පසුගිය දිනයකදී මාධ්‍ය හමුවක් පවත්වා පවසනු ලැබීය.‌‌ඉන්පසු ඊට අදාලව නීතිමය පියවර ගැනීම සඳහා පසුගිය 04 වෙනිදා එක්සත් රාජධානිය බලා පිටත් වූ අතර.

එම අසත්‍යය වීඩියෝ පටය යොදාගෙන මංජු නිශ්ශංක හට අපහාසවන ආකාරයේ වීඩියෝ පට නිපදවා බෙදා හරින ලද සේපාල් අමරසිංහ නැමති අයකුටත් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

Taylor Hampton Solicitors නීතිඥ සමාගම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

Latest