Skip to content

ෆේස්බුක් ලොවපුරා පරිශීලකයින්ගෙන් සමාව ඉල්ලයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ඇතිවූ දෝෂයක් මේ වනවිට නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ෆේස්බුක් හිමි Meta සමාගම විශේෂ නිවේදනයක් මගින් කියා සිටියි.

අදාළ දෝෂය වශයෙන් පෙන්වා දී ඇත්තේ ෆේස්බුක්  ගිණුම් පරිශීලකයින්ගේ දැනුවත්භාවයෙන් තොරව මිතුරු ඉල්ලීම් වෙනත් පුද්ගලයින් වෙත යොමුවීමයි.

එහිදී සිදුවන්නේ ගිණුම් පරිශීලකයින් විසින් තම ගිණුමේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුවේ නොමැති අයෙකුගේ ගිණුමක් පිළිබඳ සෙවීමට උත්සාහ කරන්නේනම් අදාළ ගිණුමේ අයිතිකරු වෙත මිතුරු ඉල්ලීමක් යොමු වීම බවටත්. මෙම දෝෂය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙකු අදහස් හුවමාරු වීම් හා දෝෂයන් හා අපහසුතාවයන් පිළිබඳව ප්‍රකාශයන්ද සිදුකොට තිබූ අතර අනතුරුව වහාම Meta සමාගම එය නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණි.

එසේ නිවරදි කිරීමෙන් පසුව  Meta සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ලොවපුරා සිටින ෆේස්බුක් පරිශීලකයින්ගෙන් අදාල අපහසුතාවයන් ලක් වූ සියලු පරිසීලකයින්ගෙන් සමාව ඉල්ලා තිබුණු අතරම  මෙම නොසිතූ සිදුවීම හේතුවෙන් පීඩාවට ලක්වූ සියලුදෙනා වෙත ඔවුන් කණගාටුව පළකර ඇත.

Latest