ක්‍රියාන්විත චිත්‍රපට වල වෙනස්ම මානයක් රැගෙන ආ නිර්මාණ අතලොස්සෙන් ඉදිරියෙන්ම තිබෙන්නක් ලෙස Extraction සිනමා පට ද්විත්වයම හැදින්වීමේ වරදක් නැතැයි සිතමි. 2020දී එළි දක්වන ලද මෙහි පළමු වැන්නේ බොහෝ රූපගතකිරීම්හි පසුතලය නිර්මාණය වන්නේ බංග්ලාදේශයේ ඩකා අගනුවර පාදක කර ගනිමිනුයි. මෙහි දිග හැරෙන කතාව සාරාංශ ගත කලහොත් Tyler Rake යන ප්‍රධාන චරිතය black market කුලී ඝාතකයෙකු, සොල්දාදුවෙකු ලෙස කටයුතු කරන අයෙකි. ඉන්දියාවේ සහ බංගලාදේශයේ ඉහළම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු එකිනෙකා හා ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පුත්‍රයා වන Ovi Mahajan පැහැරගැනීමට ලක් වන අතර ඔහුව ඩකා නගරයට ගොස් ප්රතිවාධී ග්රහණයෙන් නිරුපද්‍රිතව රැගෙන ඒම Rake ට පැවරෙනු ලැබෙන කාර් ය භාරයයි.

ප්‍රතිවාදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු Amir Asif ගේ ග්රහණයෙන් Ovi ගලවාගැනීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන්නේ නගරය තුල ඔහුට තිබෙන බලයත් ධනයත් හා සමගාමීව ආරක්ෂක අංශ ඔහුගේ අත්ලේ නැටවෙන ඉත්තන් වීම හේතුවෙනුයි. ඩකා නගරය වසා සිටින අදුරු පැතිකඩ නිරූපණය කිරීමත් සිනමා පටයේ ක්‍රියාදාම අනුපිළිවෙල අඛණ්ඩව ඉදිරිපත් කර තිබීමත් චිත්‍රපටයක එවකට කාල සීමාවේ පැවති විශිෂ්ඨ ලක්ෂණයන් ලෙස සදහන් කල යුතුමය. Rake යනු සංකීර්ණ මෙන්ම සිය දරුවාගේ වියෝ වීමේ මතකාවර්ජනය තුලින් ඔහුගේ අත්මිදීම සොයා යන අපූර්ව චරිතයක් බව ද මෙහි ලා පැවසියම යුතු කරුණකි.
වසර 03ක නිහැඩියාවකින් පසු ඉකුත් ජූනි 16 වනදා Netflix හරහා නිකුත් වූ Extraction 02 චිත්‍රපටය මුල් නිර්මාණය තුල පවත්නා උද්වේගකර ක්‍රියාන්විත දාමය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන බව අවිවාදයෙන් පැවසිය හැකිය. බංගලාදේශයේ ඩකා හි ඔහුගේ පෙර මෙහෙයුමෙන් යාන්තමින් දිවි ගලවා ගැනීමෙන් පසු ටයිලර් ඔස්ට්‍රියාවේ කුඩා නිවස්නයක සිය විශ්‍රාම දිවිය ගත කිරීම සදහා යොමු වෙයි. අනපේක්ෂිත අයුරින් නාදුනන පුද්ගලයෙකු ඔහු ඉදිරියේ පෙනී සිටින අතර Tyler හට පැහැර හැරිය නොහැකිම පන්නයේ තවත් මෙහෙයුමක් සදහා ඔහුගේ සහය පතයි. ඒ Tyler ගේ හිටපු බිරිඳ මියාගේ සහෝදරිය වන කේටවන් සහ ඇගේ දරුවන් දෙදෙනා වන සැන්ඩ්‍රෝ සහ නීනා ජොර්ජියානු බන්ධනාගාරයෙන් මුදා ගැනීමයි. කුඩා දරුවන් දෙදෙනෙකු සහ තරුණ කාන්තාවක් මෙලෙස බලහත්කාරයෙන්ම බන්ධනාගාරයක රදවා ගෙන තබා ගැනීමේ අතුරු කථාව ප්‍රේක්ෂක ඔබට සිනමා පටය නරඹා කරුණු නිරවුල් කර ගැනීමට ඉඩ තබමින් මෙහි අනෙක් තොරතුරු වෙතට යොමුවන්නම්.
සටහන තබන මොහොත වන විට සිනමා පටය නිකුත් වී ඉතාම කෙටි කාලයක් වන අතර මේ වන විට හැට හය දහසක ප්‍රේක්ෂක ප්‍රතිචාර අතුරින් 7.1/10 ක ratings ලබා ගැනීමට Extraction 02 සමත් වී තිබෙනවා. ප්‍රධාන රංගණ දායකත්වය Chris Hemsworth, Golshifteh Farahani, Adam Bessa වැනි නලු නිලියණ් විසින් ලබා දෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ සුපුරුදු පරිදි Sam Hargrave විසිනුයි. ක්‍රියාන්විත චිත්‍රපට සදහා වඩාත්ම රුචිකත්වයක් දක්වන ඔබට මෙම නිර්මාණ ද්විත්වයම නැවුම් ආශ්වාදයක් වන බව නම් නොඅනුමානයි. පූර්ව ප්රචාරක පටය ඔබට පහතින් නැරඹීමට හැකියි.