Skip to content

ඇත්තටම Xpress pearl සිද්ධියේදි වන්දි ප්‍රමාණය බිලියන ගණනක් ද ?

ඇත්තටම Xpress pearl සිද්ධියේදි වන්දි ප්‍රමාණය බිලියන ගණනක් ද ?  මේ ගැන ඉතාම වැදගත් සටහනක් නීතිඥ දොන් සුපුන් තම ෆේස්බුක් පිටුවේ පළ කොට තිබුණා.

Xpress pearl සිද්ධියේදි වන්දි ප්‍රමාණය ඩොලර් බිලියන ගානක් කිව්වම ඒක විහිළුවට ගන්න මිනිස්සු ඉන්නවා. පරිසරයට තියෙන වටිනාකම, ලබාදෙන වටිනාකම පිළිබඳව අදහසක් නැති වුනාම සාමාන්‍යයෙන් එහෙම වෙන එක සාධාරණයි. නැවක් ගිලුනා කියලා එච්චර වන්දි ගන්න පුළුවන්ද ?

ශේප් ගානක් අරන් නවතින්න තිබුන එක ලොකු ගනන් ගන්න ගිහින් ඉහගෙන කන්න හදලා අනාගන්න යන්නෙ වගේ කතා දකින්න පුළුවන්.සාමාන්‍යයෙන් ඔය නැවේ සිද්දිය වගේ දෙයක් වුනාම වන්දිය ගනනය කිරීම මාතෘකා පහක් යටතේ සිද්ද වෙනවා.

1. විනාශයේ ප්‍රමාණය (extent of damage) - භෞතික වශයෙන් සිදුව ඇති විනාශය. මෙතනිදි පාරිසරික විනාශය ගනනය කරන්න යොදාගන්නෙ අදාල පද්ධති මඟින් ලබාදෙන පාරිසරික සේවාවන්ට පාරිසරික ආර්ථීක විද්‍යාව මඟින් ලබාදෙන දල අගයන් එකුතු කරලා.

2. ආර්ථික හානිය (Economic losses) - ආසන්න සිද්දීයේදිනන් නැව නිසා යම්කිසි කාලයක් ධීවර කටයුතු තහනම් වුනා. පවුල් 50000 විතර ඒකෙන් බලපෑමට ලක්වුනා. ඒ ආසන්න ප්‍රදේශයේ නිශ්පාදන ධාරිතාවට බලපෑම් වුනා, ධීවර ආම්පන්න නැවේ ද්‍රව්‍ය නිසා විනාශ වුනා.

3. නෛතික බැඳීම ( legal liability ) - නැව් හිමියා, නැව් සමාගම නොසැලකිල්ල හේතුවෙන් අනතුර වලක්වා නොගැනීම, අපේක්ෂිත ආකාරයෙන් කටුයුතු නොකිරීම, හිතාමතා සිදුකර ඇතිනම් ඒ පිළිබඳ තොරතුරු වගේ කාරණා මේකෙදි බලපානවා.

4. පවිත්‍රතා කටයුතු සඳහා වියදම (cleaning cost) - ආසන්න සිද්ධියේදිනන් බටහිර වෙරළ තීරයේම නර්ඩ්ල්ස්, ශුද්‍ර ප්ලාස්ටික් කැබලි බිලියන ගනනක් පැතිරිලා වෙරළ මතට පැමණියා, ඊට අමතරව නැවේ සුන්බුන්, කන්ටේනර් කොටස්, තෙල් ආදිය වෙරළට ආවා. ඒ දවස්වල ඔය විෂයේ හිටියානන් දන්නවා කන්ටේනර් පිටින් වැලි අයින් කරපු විදිහ.

5. පුනුරුත්ථාපන කටයුතු සඳහා වියදම (mitigation and rehabilitation cost) - වෙරළ තීරයන්, සතුන්, කොරල් පර, ගිලුනු ස්ථානය අවට නැවත පුනුරුත්ථාපනය කර ප්‍රතිශ්ඨාපනය කිරීම සඳහා යන වියදම.

මීට කලින් ඔය වගේ ක්ලේම්ස් අරන් තියෙනවද ? උත්තරය ඔව්.  2010 මෙක්සිකො බොක්කෙ ඩීප්⁣ වෝටර් හොරයිසන් ඉන්සිඩන්ට් එක USD 20 billion, 2002 ස්පාඥ්ඥයේ ප්‍රෙස්ටීජ් ඉන්සිඩන්ට් එක USD 3.6 billion. 2020 විතර මොරීශස් ඉන්සිඩන්ට් එකක් වුනා ක්ලේම් එක 10 billion යන්න තිබ්බ හැබැයි තාක්ෂණික කාරණා නිසා ක්ලේම් එක හාගත්තා.  ⁣පරිසරය සම්බන්ධ විනාශ වලදි වන්දි ප්‍රමාණය වැඩී. ඒවා ගොඩක් අවස්ථාවල හම්බවෙන්නෙ නැත්තෙ තාක්ෂණික කරුණු සහ නීතිය අනාගන්න නිසා.

ඔබ නැවක සේවය කරනවා වෙන්න පුළුවන්, ඔබ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්.. හැබැයි මේකට හිනා වෙන්න කලින් ටිකක් ස්ටඩි කරලා ඉන්න. මේක වෙනම විෂයක්.

Latest