යාපනය කයිට්ස් දුපත හා අරියාලෙයි ප‍්‍රදේශයේදී නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කයිට්සි අල්ලපිඞ්ඩි හා අරියාලෙයි මනියම්තෝට්ටම් වෙරළ ප‍්‍රදේශයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 65 ක් විදුලි නොවන ඩෙටනේටර් 18 ක් හා සේවා නුල් සෙන්ටිමිටර් 155 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරණු ලබන නීති විරෝධි ධිවර කර්මාණ්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදු වන හානි අවම කිරීම අරමුණු කරගෙන නාවික හමුදාව සිදු කරන ලද මෙහෙයුමක ප‍්‍රතිඵල වශයෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් නාවික නෞකා කංචදේව ආයතනය මගින් කයිට්ස් ප‍්‍රදේශයේ වැටලීම සිදු කොට ඇති අතර නාවික නෞකා වේළුසුමන ආයතනය මගින් අරියාලෙයි ප‍්‍රදේශයේ වැටලීම සිදුකරන ලදි.
එහිදී කයිට්ස් ප‍්‍රදේශයේදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 30 ක් සමග විදුලි නොවන ඩෙටනේටර් 08 ක් හා අරියාලේ ප‍්‍රදේශයේදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 35 ක් හා විදුලි නොවන ඩෙටනේටර් 10 ක් හා සේවා නූල් සෙන්ටි මිටර් 155 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

