Skip to content

මාරාන්තික වූ එවරස්ට් තරණය

ලෝකප්‍රසිද්ධ නේපාලයේ එවරස්ට් කන්ද තරණය කිරීමේ සමය ඇරඹීමත් සමඟ මේ වන විට කඳු නැගීමට එක්වූ පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් කඳු නගින්නන් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති බවට විදෙස් මාධ්‍ය අවධාරණය කරයි..

මීට පෙර මෙවැනි තත්ත්වයක් වාර්තා වූයේ 2019 වසරේදීයී. එහිදී ද ජීවිත 11 අහිමි වූ අතර මෙවර තත්ත්වය ඊට වඩා දරුණු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ..

දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් එවරස්ට් කඳුකරයට මෙවර දරුණු ලෙස දැනී තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවට ද විශ්ලේෂකයින් මත පල කර තිබෙනවා.

එවරසට් කන්ද මිටර් 8,849 නොහොත් අඩි 29,032 ක් පමණ වන අතර මෙවර එවරස්ට් කඳු මුදුන තරණයට බලපත්‍ර ලබා ගෙන ඇති සංඛ්‍යාව 1,078ක්. ඉන් 478 කඳු තරණයටත් තවත් 600 ක් මාර්ගොපදේශයටත් ලබාගෙන ඇත.

එවරස්ට් තරණය නේපාලයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන අතර, අවසර පත්‍රයක් සඳහා අමෙරිකානු ඩොලර් 11,000 ක ගාස්තුවක් ගෙවිය යුතු වනවා. ඒ අනුව එවරස්ට් තරණයට සෑම කඳු නගින්නෙකුම විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 26,700 ක් පමණ වැය කරනු ලබනවා.

කෙසේ වෙතත් එවරස්ට කඳු නගින්නන් පිළිබඳව දක්ෂ මාර්ගෝපදේකයන් පවසා සිටින්නේ බොහෝ දෙනෙකු එවරස්ට් කඳු තරණයෙන් අසමත් වන්නේ හරි හැටි අවබෝධයක් නොමැති වීම සිරුරු ශක්තිමත් නොවිම, ඉවසීමේ ශක්තිය අඩුවීම, අධික ශීත දරාගැනීමට නොහැකි වීම වැනි කරුණු නිසා බවත් එම හේතු ජීවිත හානි වීමටද බලපාන බව ය.

කෙසේ වෙතත් මේ වන විට එවරස්ට් කඳුමුදුනේ ශීත තත්වය වශයෙන් සිල්සියස් අංශක ඍණ 28 ක් දක්වා පහළ අගයක පවතින අතරම එය ඉදිරියේදී සෙල්සියස් අංශක ඍණ 40 ක් දක්වා අඩුවිය හැකි බවටද විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest