Skip to content

වසර 04 ක් ගෙවුනත් නොදිරූ සිරුර..!

ඇමරිකාවේ වාසය කළ අපෝස්තුළුවරුන්ගේ රාජිණිය ලෙස සළකන මරියතුමියගේ බෙනදිකාණු නිකායේ ස්වර්ගස්ථ වූ මේරි විල්හෙල්මිනා පැවිදි සොයුරියගේ සිරුර වසර 04 කට පසුව නැවත ගොඩ ගෙන ඇත.පුදුමයට කරුණ වී ඇත්තේ එම සිරුර නොදිරා මිහිදන් කරන ලද අවස්ථාවේ තිබූ ආකාරයටම තිබීමය.

1924 වසරේ අප්‍රියල් මස 13 වෙනිදා ශාන්ත ලුවිස් හිදී උපත ලබා ඇති සිගිති දියණියකට ඇයගේ මව්පියන් විසින් එළිසබෙත් මේරි ලැන්කැස්ටර් යන නම තබා ඇත. බහ තෝරන වියේ සිටම කන්‍යා සොයුරියක් වීමේ දැඩි කැමැත්තෙන් පසු වී ඇති ඇය වයස අවුරුදු 13 ක්ව සිටියදී කන්‍යාරාමයකට ඇතුළත් වී ඇත. ඒ පැවිදි වීම සදහාය. 1941 වසරේදී ඇය කන්‍යා සොයුරියක් ලෙස දිවුරුම් දී ඇත්තේ "විල්හෙල්මිනා" යන නම භාවිතා කරමිනි.

පාසල් වල දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට මෙම කන්‍යා ‍සොහොයුරිය වැඩි කැමැත්තක් දැක්වූවාය. ඒ අනුව විල්හෙල්මිනා කන්‍යා සොයුරිය තම සහෝදර පැවිදි සොයුරියන් තිදනෙකු සමග එක්ව බැල්ටිමෝර්, වොෂින්ටන්, චාල්ස්ටන්, ශාන්ත ලුවී, ෆිලඩෙල්ෆියා සහ මියාමි යන අගරදගුරු කොට්ඨාස වල දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කර ඇත.

2006 වසරේදී විල්හෙල්මිනා කන්‍යා සොයුරිය Kansas City-St. හි පිහිටි මිසුරි අරාමයට පදිංචිය සදහා ගොස් ඇත.

"‍ගෝලයින් ජේසුස් වහන්සේගේ මව වන මව වන මරියා සමග නොකඩවා යාඥා කරමින් සිටියා" යැයි පවසන විල්හෙල්මිනා කන්‍යා සොයුරිය පසු කළෙක ශාන්ත පීතර පුජක සහෝදරත්වයට අනුබද්ධිත නව ප්‍රජාවක නිර්මාතෘත්වයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදි. 2014 වසරේදී විල්හෙල්මිනා කන්‍යා සොයුරියව මරියාගේ බෙනඩික්ටයින් අපෝස්තුළුවරුන්ගේ රැජින ලෙස වතිකාණුව විසින් පිළි ගෙන ඇත.

2019 වසරේ මැයි මස 29 වැනිදා රාත්‍රී 8.35 ට පමණ විල්හෙල්මිනා කන්‍යා සොයුරිය ස්වර්ගස්ථ වී ඇත. කන්‍යා සොයුරිය ස්වර්ගස්ථ වන අවස්ථාව වන විටත් ඇය වටා 31 දෙනෙකුගෙන් යුත් කන්‍යා සොයුරියන් යාඥා කරමින් සිට ඇත. මැයි මස 31 වෙනිදා ඇයගේ සිරුර Kansas City-St. හි මිසුරි ආරාමයේදීම මිහිදන් කිරීමට කටයුතු කර ඇත.

ස්වර්ගස්ථ වීමට ඇති අවසන් තත්ත්පරය දක්වා විල්හෙල්මිනා කන්‍යා සොයුරිය මරිය මව් තුමියට යාඥා කරමින් සිට ඇති බව කියති.

හේතුව අපහැදිලි වුවත් කුමන කරුණක් මත හෝ පසුගියදා විල්හෙල්මිනා කන්‍යා සොයුරියගේ මිහිදන් කර තිබූ සිරුර නැවත ගොඩ ගෙන තිබුණි. පුදුමයට කරුණ වී ඇත්තේ මිහිදන් කර වසර 04 ක කාලයක් ගත වී ඇතත් ඇයගේ සිරුර කිසිදු ආකාරයකට වෙනස් වී නොතිබීමය.

විල්හෙල්මිනා කන්‍යා සොයුරියගේ සිරුර නොදිරා තිබීමට හේතුව කුමක්දැයි සොයා බැලීම සදහා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීමටද ඇයගේ සිරුර මිහිදන් කර තිබූ Kansas City-St රදගුරු පදවිය කටයුතු කරමින් සිටින බවද විදෙස් වාර්තා සදහන් කරයි.

(තොරතුරු සහ ඡායාරූප අන්තර් ජාලය හා පොත පත ඇසුරෙනි)

Latest