දී ඉතාලියේ bologna නගරයේ උපත ලබන රෝසෝ වෘතියෙන් ඉංජිනේරුවෙක්.
තරුණ කාලයේ සිටම නව නිර්මාන කිරීමේ පිපාසයෙන් පෙලෙන රෝසෝ මෝටර් කාර් රථයක් නිර්මානය කිරීමට පෙලබෙනවා. පෙනුමෙන් වීකාර නිර්මානයක් උනත් මෝටර් රථය තුල ඔහුට අවශ්‍ය සියලුම දේ තිබූ බව ඔහු පවසනවා. කෙසේ වෙතත් ඉතාලි පොලිසිය විසින් රොසෝගේ මෝටර් රථය කිහිප වතාවකදීම අත් අඩගුවට ගැනීමට කටයුතු කරනවා.
මේ සිද්දියත් සමග දැඩි කලකිරීමකින් සිටින රෝසෝට ඔහුගේ පෙම්වතිය විසින් සිදුකරන ප්‍රකාශයක් සමග වීකාරශීලී අදහසක් හිතට එනවා. නීතියෙන් නිදහස් දූපතක්.
නව අදහසක් තිබුනත් එක සාර්ථක කර ගන්නේ කෙසේද එයට මුදල් සොයාගන්නේ කෙසේද යන්න ඔහුට ප්‍රශ්නයක් වුවත් ඔහුගේ කුඩා කල මිතුරා ඔහු සමග මේ අදහස කිර්යාත්මක් කිරීමට එකග වෙනවා. ඔහුත් ඉන්ජිනේරුවෙකු නිසා තව කාර්ය පහසු වෙනවා.
ඉතාලියේ Rimini නගරයට ආසන්නයේ, ඉතාලි මුහුදු සීමාව පසු කර මීටර් 500 පමන ජාත්‍යන්තර මුහුදු සීමාවේ මේ දූපත නිර්මාණය කිරීම රෝසෝගේ අවසාන තීරණය බවට පත්වෙනවා.
මොවුන්ගේ මූලික නිර්මාන ආකෘතිය මුහුදේ තිබෙන තෙල් ආකරයක වේදීකාවට සමාන උවත්. ඒ සදහා අධික පිරිවැයක් යනබැවින්. ඒ පිරිවැය අඩු කිරීමට සිමෙන්ති භාවිතා නොකොට මුහුද තුල කනු නීර්මානය කිරිමට රෝසෝ පෙලබෙනවා. යකඩ බට බාවිතා කරන රොසෝ ඒවා මුහුද මත පාකරමින් අදාල ස්ථානයට ගෙන යන අතර නිසි ස්ථාන ගත කිරිමෙන් පසු යකඩ බට තුලට වතුර පිරවීම සිදු කරනවා. ඒ තුලින් ඉතාමත් ශක්තිමත් මූලික සැකිල්ල ඔවුන් නිර්මානය කරනවා. (Build the island with poles-filled up with water)
වර්ග අඩි 400ක වේදිකාවක් අඩ්රියාක්ටික් මුහුදු (Adriatic sea) සීමාව තුල ඉතාලියේ රිමිනි නගරයේ සිට කිලෝමීටර් 11 දුරින් නිර්මානය කිරීමට රෝසෝ ඇතුලු කංඩායමේ සමත් වෙනවා, බීමට සුදුසු ජලය ලබා ගැනිමට මුහුදු පතුල විද නල ලිදක් සෑදීමටත් රෝසෝ පියවර ගන්නවා.
කාලගුණ විපාර්යාසත් සමග ආරක්ශාව සදහා සිමින්ති භාවිතා කරමින් කාමර, සමාජ ශාලාවක් ඉදි කිරීමිටත් ඔවුන් පියවර ගන්නවා.
මේ ඉදිකිරීම ඉතාලි රිමින් නගරයයේ වෙරල තීරයට හොදින් දිස්වෙන නිසා සංචරක ආකර්ශනය දීනා ගැනීමට වැඩි කලක් ගතවෙන්නේ නෑ. ලෝක යුද්දයේ පශ්ථාත් සමය පසු කරමින් සිටින යුරෝපය පුරා මේ නීතියෙන් නිදහස් දූපත ගැන විස්තරය ඉතාමත් ඉක්මනින් පැතිරී යනවා. මුලු යුරෝපය පුරා සිටින තරුන තරුනියන් උන්මාදයෙන් මෙන් මේ දූපත් වෙත ලගාවෙනාවා. මේ වන විට දූපත තුල නිර්මානය කරුවන් දෙදෙනාට අමතරව තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුත් එක් ගැබිනි කාන්තාවකුත් ස්තීර පදිංචිය සිදුකරනවා.
සංචාරක ආකර්ශනයත් සමග දූපත් ධජයක් සහ තැපැල් හලක් හා ඔවුනටම වෙන්වූ මුදරයක් නිකුත් කිරීමටත් දූපත් වාසීන් කටයුතු කරනවා. මේ වන විටත් මේ දූපත් ගැන එවකට ඉතාලි සුවදේශීකටයුතු ඇමති ෆැන්කෝ දැනුවත් උනත් ඒ ගැන බරපතල ලෙස ඔහු ගන්න් ගන්නේ නෑ.
ඒ නිසා ඉතාලි ජනාධිපති Giovanni වෙත කරුනු වාර්තා වන්නේ අල්ප ලෙසයි.
මේ දියුනුවත් සමග දූපතේ ස්ව්යරීභාවය වෙනුවෙන් කටයුතු කරන රොසෝ එක්සත් ජාතීන්ගේ කවුන්සලය සදහා ලිපි කිහිපයක් යොමු කරනවා. මෙහෙදී ඔහු ඉල්ලනේ තමන්ගේ දූපත වෙනම් රටක් ලෙස පිලිගන්නා ලෙසයි. කෙසේ වෙතත් තනි පුද්ගලයෙක් කරන ඉල්ලීමක් වෙත එක්සත් ජාතීන්ගේ කවුන්සලය වැඩි අවදානයක් යොමු කරන්නේ නෑ.
මේ ගැන දැන ගත් ජෝජියෝ රෝසෝ තම සගයන් එකතු කර තමන් රජයක් පිහිටුවන බව දැනුම්දෙනවා. එම රජය තුල තමන් ජනාධිපති ලෙස කටයුතු කරන බවත් ඔහුගේ සගයන් සහ එවකට දූපතේ සිටි ස්තීර පදින්චි කරුවන් අමාත්‍යවරුන් ලෙස වැඩ කිරි යුතු බවත් දැනුම්දෙනවා.
මේ වනවිටත් දූපත හිසරදයක් වී තිබු ඉතාලි අමාත්‍ය ෆැන්කෝ විසින් දූපත් පාලනය වීනාස කිරීමට උපාය දූතයන් යොදමින් දුපත් වාසීන්ට සහ රෝසෝ වෙත අල්ලස් ලෙස මුදල් පිලිගැනීම් සහ හෝටල් වියාපාර පිරිනැමීම් සිදු කරත් ඔවුන් ඒවා ප්‍රතික්ශේප කරනවා.
රජයක ජනාධිපතිදූරය හොබවන රෝසෝ තමන් පුද්ගලිකව නිවුයෝක් වල පිහිටි එක්සත් ජාතීන්ගේ කවුන්සලය වෙත ගොස් තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරනය කරනවා.
තමන් විසින් නිර්මානය කරන ලද මෝටර් රථයේ නැගී ඔහු ඉතාලියේ රිමිනි නගරයේ සිට ඇමරිකාවේ නිව් යෝක් නගරය වෙත ඔහු ගමන් කරනවා. දින කිහිපයක ගමනකින් පසු ඔහු එක්සත් ජාතීන්ගේ කවුන්සලය වෙත ලාගා වුවත් ඔහුට හොද ප්‍රතිචාරයක් එහි දී ලැබෙන්නේ නෑ. ඔහු දිගින් දිගටම කවුන්සලයේ කාර්යාලය තුලම රැදී සිටිනවා.
මේ රැදීසිටින පුද්ගලයා වෙත අවදානය යොමු කරන එක්සත් ජාතීන්ගේ කවුන්සලයේ එක් නිලදාරියෙක් මොහුගේ ඉල්ලීම අසා ඔහු ලබා දෙන තොරතුරු සත්‍ය දැයි දැන ගැනීමට ඉතාලි රජය වෙත සම්බන්ද වෙනවා.
රෝසෝ එක්සත් ජාතීන්ගේ කවුන්සලය ගොස් ඇති බවත් කවුන්සලය ඔහුගේ ඉල්ලීම ගැන කරුනු සෝයා බලන බව ඉතාලි ජනාධිපති Giovanni දැන ගන්නෙ ඒ මොහොතේයි. වැඩි දුර කරුනු සොයාබලන ජනාධිපති Giovanni මේ වනවිටත් ඉතාලි ජාතිකයන් විශාල ප්‍රමානයකුත් ජර්මානු ජාතිකයන් සියකට ආසන්න ගනනකුත් ප්‍රංශ ජාතිකයන් 30, ඇමරිකානු ජාතිකයන් 4 දෙනකුත් නව දූපතේ ස්තීර පදිචිය්ට ඉල්ලුම් කර ඇති බව සොයා ගන්නවා. මීට අමතරම ඉතාලි රිමිනි නගරයේ සිට දූපතට බෝට්ටුවක් මගින් විනාඩි 20 වැනි කෙටි කලකින් ලගා විය හැකිබවත් සොයා යන්නවා.
මේ ලැබෙන තොරතුරු සමග අදික ලෙස කෝප වන ජනාධිපති Giovanni හැකි තාක් ඉක්මනින් මේ දූපත් ඉවත් කරන ලෙස ඇමති ෆැන්කෝ ට දැනුම් දෙනවා. එක්සත් ජාතීන්ගේ කවුන්සලය roso island නව රටක් ලෙස පිලිගත හොත් එය ඉතාලියට ඉතාමත් ලගින් පිහිටා ඇති නිසා එක ඔවුනට විශාල බල්පැමක් ලෙස ඔවුන් හදුනා ගන්නවා.
ජනාධිපති Giovanni මේ තීරනය දැන ගන්නා රොසෝ, එක්සත් ජාතීන්ගේ කවුන්සලය හමුවීම අත හැර නැවටත් ඔහුගේ දූපත වෙත ඒමට කටයුතු කරනවා.
මේ වනවිටත් අමාත්‍ය ෆැන්කෝ andrea doria යුද නවුකාව වෙත දූපත විනාශ කිරීමේ නියෝග නිකුත් කරනවා.
යුද නැව දුපත සමීපයට එන විට රොසෝට ලගාවීමට්ත් හැකි වෙනවා ඒ වන විට දූපතේ පුද්ගලයන් 5 දෙනෙක් රැදී සිටිනවා රොසෝ සමග 6 දෙනෙගේ කන්ඩායමක් බවට පත් වෙනවා.
යුද නැව විසින් කිහිප වතාවක්ම දූපතෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නත් දූපත් වාසීන් එකට එකග වන්නේ නෑ. පසුව බය කිරීම සදහා දූපතට ඉතා ආසන්නව වෙඩි පහර කිහිපයක් යොමු කිරීමත් යුද නවුකාව තීරනය කරනවා. වෙඩි පහරවල් වලිනුත් රෝසෝ ඇතුලු පිරිස මෙල්ල කල නොහැකි බව දැන ගන්න ඉතාලි නාවුකයන් කුඩා බෝට්ටු කිහිපයකින් දූපත් වෙත ගොස් දූපත් වාසින් අත්අඩංගුවට ගැනීම කටයුතු කරනවා. දූපත් නිර්මානය කර තිබූ යකඩ බට වෙත ඔවුන් බෝම්බ සවි කිරීමෙන් ඔවුන් දූපත් විනාශ කර දමනවා..
රෝස් අයිලන්ඩ් හි පැවැත්ම එසේ අවසන් වුවද, එහි කතාව ලොව පුරා සිටින නිදහසේ සිහින දකින්නන්ගේ අත් පොතට ඇතුලත් වන බව නොරහසක්. 1925 පෙබරවාරි 19 උපත ලැබූ ජෝජියෝ රොසෝ 2017 මාර්තු මස 2 දින අපට තවත් සිතන්නට යමක් ඉතුරු කර අප අතරෙන් සමු ගත්තේය.












